mediahumanrights.lk
Local NewsNews

ගුවන් සේවකයන් උඩු ගුවනින් මහ පොලොවට.. දැවැන්ත පඩි වැඩිකිරීමක් ඉල්ලමින් විරෝධතා…

තමනට රුපියල් 33,000ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලමින් කටුනායක ගුවන් තොටුපොළේ සේවකයන් අද දිනයේ වැඩවර්ජනයක් සිදු කරන ලදී.

තුන්දහසක පමණක් පමණ පිරිසක් එක් වී ඇති මෙම විරෝධතා ව්‍යාපාරය කටුනායක ගුවන්තොටුපල ඉදිරියේ දී පවත්වන ලදී.

2018 වසරෙන් පසු වැටුප් වැඩි වීමක් සිදු නොවූ බවත් සෑම වසර 3 කට වරක් ම ගුවන්තොටුපල සේවකයන්ට වැටුප් වැඩි කිරීම සේවා ව්‍යවස්ථාව අනුව සිදු කල යුතු බවත් අන්තර් සමාගම් සේවක සංගමය එහිදී සඳහන් කළහ.

ඒ අනුව සියලුම වැටුප් තල වල සේවකයන්ට අවම රුපියල් 33,000 ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද ඔවුන් කියා සිටියහ.

Related posts

පළමු වරට ඩොලරය 173 පහු කරයි

Shiran Viraj

හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවාවන් 24ක් සේවයෙන් ඉවත් වී විරෝධතාවක

Shiran Viraj

බෙලරුස් සිටි ලාංකිකයින් 277ක් මව්බිමට

Shiran Viraj
Translate »