mediahumanrights.lk
Business Business News News

කිරිපිටි ආනයනය නවතයි…

එළඹෙන 2024 වසර වනවිට කිරිපිටි ආනයනය නතර කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ මෙරට කිරි අවශ්‍යතාවය සපුරාලීමට කිරිපිටි ආනයනය සඳහා සෑම වසරකදීම ඇමරිකානු ඩොලර් මිලියන හයසියයකට වැඩි මුදලක් වැය වන බවයි.

දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීහ මගින් රට තුළම අවශ්‍ය කිරි ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව පවතින බවද ඇමැතිවරයා පැවසීය.

දැනට මෙරට තුළ කිරි නිෂ්පාදනය කරන්නේ සමස්ත අවශ්‍යතාවයෙන් සියයට හතළිස් දෙකක් පමණක් වන අතර මෙරට ඉල්ලුම සපුරාලීම සඳහා වාර්ෂිකව කිරි ලීටර මිලියන 750ක් අවශ්‍ය වෙයි.

Related posts

දින 50කට ආසන්නව වසා තිබුණු සරසවි අද යළි ඇර‍ඹෙයි

Shiran Viraj

සෑම ගෙදරකටම මුදල් අච්චු ගහන මුද‍්‍රණ යන්ත‍්‍රයක් දිය යුතුයි…

Shiran Viraj

අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා

Shiran Viraj