29.5 C
Colombo
2026-07-10
mediahumanrights.lk
Local NewsNews

කතරගම දේවාලයෙන් හමුදාව ඉවත් කරන්නැයි බස්නායක නිලමේ කියයි..

කතරගම දේවාලයේ තුළත් ඒ අවට ප‍්‍රදේශයෙත් ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂා හමුදාවන් දේවාල භූමියෙන් ඉවත් කරන්නැයි කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ආරක්ෂක හමුදා විසින් බැතිමතුන් හැසිරවීමේ දී ඔවුන්ට බලපෑම් කරන බව බස්නායක නිලමේවරයා ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපියේ සඳහන් වෙයි.

මෙයට පෙර දේවාලයේ ආරක්ෂා සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් බැතිමතුන්ට සුහද සේවයක් සලසා දුන් බැවින් යලි පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා ඇත.

ආරක්ෂක හමුදාවන් දේවාලය තුළ රාජකාරිවලින් හමුදාව ඉවත් කලද පෙරහැර මංගල්‍යයේ දී ඔවුන් ලබා දෙන සේවාව ඉතා වැදගත් බවත් ඔහු තවදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

අපි ඕන ඡන්දයකට ලෑස්තියි

Shiran Viraj

මවට-පියාට හිරිහැර කළ පුතුන් 2ට වැඩ වරදී

Shiran Viraj

පිටකොටුව උණුසුම්.. සිසු විරෝධයකට පොලිසියෙන් පනී..

Shiran Viraj
Translate »