2026-02-10
mediahumanrights.lk
BusinessBusiness NewsNews

IMF මුදල් නොලැබුනොත් කරන දේ ජනපති කියයි..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මූල්‍ය ප්‍රතිපාදන අපේක්ෂා කළ පරිදි මාර්තු මාසයේදී නොලැබුණ හොත් ඉදිරි කාලය සඳහා මුදල් සංචිතයක් පවත්වාගෙන යාමට සිදු වන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

රට ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති බැවින් වියදම් කළමනාකරණය කළ යුතු යැයිද ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

වසරට අදාළ කාලයට වියදම් ආවරණය වන ලෙස අයවැය සකස් කර තිබීම හේතුවෙන් තාවකාලික පදනමින් මුදල් නිකුත් කළ නොහැකි බවද එම සටහනේ දැක්වෙයි.

මැතිවරණය සඳහා රුපියල් බිලියන රුපියල් බිලියන හයක් ඉල්ලා ඇැයිද පවසන ජනාධිපතිවරයා පොලිසියද ඇස්තමේන්තුවට වඩා වැඩි මුදලක් ඉල්ලා ඇති බව පෙන්වා දෙයි.

පවතින තත්ව යටතේ තාවකාලික ගෙවීමි දැරිය නොහැකි බැවින් අයවැයක් යළි ඉදිරිපත් කරන්නැයි තමන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවද කියා සිටී.

Related posts

ඇවන්ගාඩ් නඩුව මඟ හැලෙයිද? නියෝගය නොවැම්බර් 17 දා

Shiran Viraj

76 අවුරුද්දක් විනාශ කළ රට දවසකින් දෙකකින් අවුරුද්දකින්වත් ගොඩ දාන්න බෑ..

Shiran Viraj

විගණන පනත් කෙටුම්පත ගැන ජනපති හා කථානායක දැනුවත් කෙරෙති

Shiran Viraj
Translate »