2026-07-03
mediahumanrights.lk
BusinessBusiness NewsNews

IMF ණයට හම්බන්තොට වරාය ගිවිසුම හරහට හිටී…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම ප්‍රමාද වීමට හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුම හේතුවෙන් බොහෝ රටවල් ශ්‍රී ලංකාව සමග අමනාප වීම බව ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියා සිටී.

එම ගිවිසුම නිසා ඉන්දියාව චීනය ඕස්ට්‍රේලියාව ජපානය ඇමරිකාව බුරුමය යුරෝපය ආදී රටවල් රැසක් ශ්‍රී ලංකාව සමග විරසක වූ බවද ඇමැතිවරයා පැවසීය.

එම ගිවිසුමට විරුද්ධ වීම නිසා තමන් 2017 වර්ෂයේ දී අමාත්‍යධූරයෙන් පවා නෙරපා හැරිය බව ද ඔහු සදහන් කරයි.

ජපානය සමඟ ඇති කර ගත් සැහැල්ලු දුම්රිය ගිවිසුම කිසිදු අධ්‍යනයකින් තොරව අවලංගු කිරීමද ශ‍්‍රී ලංකාව සමග රටවල් රැසක් අමනාප වීමට හේතු වූ බවත් ඔහු පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලැබුණද මෙරට ආර්ථිකයේ ලොකු වෙනසක් සිදු නොවුණු ඇති නමුත් ලොව වෙනත් රටවල් සමග ගනුදෙනු කල හැකි වෙනවා මෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වාසයක් ඇතිකරවීමට හැකි වන බවද කියා සිටියේය.

කෙසේ වුවත් ඉදිරි මාස 2 ක පමණ කාලයේ දී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යම් ආධාරයක් ලැබෙනු ඇති බවට විශ්වාස කළ හැකි බවද ඇමතිවරයා තවදුරටත් පැවසීය.

Related posts

ආසියාවේ ලොකුම කොරෝනා පොකුර ඇත්තේ ලංකාවේ.. කොරෝනා පාලනය කලා නම් වක‍්‍රය උඩ යන්නේ කොහොමද…

Shiran Viraj

අඩු ආදායම් පවුල්වල නිවාස සිහිනය සැබෑ කරන්න ආණ්ඩුවෙන් සැළසුම්

Shiran Viraj

"බුදුන්ගේ පච්චය තියෙන්නේ ඕන ඉණට ඉහළින්ආ..යෙත් ලංකාවට ගියොත් කරදර කරන්න පිරිසකුත් ඉන්නවා" – අධිකරණයෙන් වන්දි දුන් සුදු කත කියන කතාව

Shiran Viraj
Translate »