28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
BusinessBusiness NewsNews

2000% ගුණයකින් විදුලි ගාස්තු වැඩි කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට..

මාසික විදුලි ඒකක තිහට අඩු ප්‍රමාණයක් භාවිතා කරන ගෘහස්ත විදුලි පාරිභෝගියන් සඳහා 2000% ගුණයකින් විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනා කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

කැබිනට් මණ්ඩලයට යන විදුලිය පිළිබඳ සංශෝධනයේ ගණන් මිණුම් ටිකක් ඇනලයිස් කරා ඊයේ.. යෝජනා කරන්න යන්නේ ඒකක 0-30ත් 31-61ත් 61-90ත් ඒ වගේම 91-120ත් අතර පරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් තමයි මේකේ යෝජනාව තියෙන්නේ. මම හිතන්නේ මේක එච්චර හොඳ කාරණාවක් නෙමෙයි.

ඒකට හේතුව තමයි අපි දන්නවා. පාරිභෝගිකයින් ගෙවන ප්‍රතිශතය 0-30ත් අතර විදුලි ගාස්තුව සාමන්‍යයෙන් 2003කින් පමණ වැඩිකිරීමට තමයි මේකේ යෝජනා කරලා තියෙන්නේ. ඒකක 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන ලක්ෂ 50ක් විතර ලංකාවේ ඉන්නවා. මේ අය තමයි අඩුආදයම් ලබන පාරිභෝගිකයින්. මෙයාලගේ විදුලි බිල මේ විදිහට වැඩි කරොත් එහෙම අපි දන්නවා මේ තියෙන අපහසුකම් මධ්‍යයේ මේ ජනතාවට මේ විදුලි බිල ගෙවාගැනීමේ හැකියාවක් නැහැ.

0-30 අතර සියයට 2000 ගුණයකින් වැඩිකිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ 31-60ත් අතර ඒකක 120ට වඩා අඩුවෙන් පාවිච්චිකරන සියලුම පාරිභෝගිකයින්ගෙන් ඊළඟ අවුරුද්දේ බිලියන 80ක පමණ අමතර ආදායමක් ලබාගැනීමට තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ.

මේක අසාධාරණ යෝජනාවක් නිසා මේ අවස්ථාව වන විට පසුගිය මාස 4 ඇතුළත්, මේ මාසයේ ඇතුළත් ලංකා විදුලිබල මණ්ඩය මෙහෙයුම් ලාභයක් ලබනවා.”

Related posts

ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…

Shiran Viraj

කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

Shiran Viraj

ගමක් හඬවමින් කුඩා දැරියක් ලොවෙන් සමුගනී (PHOTOS)

Shiran Viraj
Translate »