mediahumanrights.lk
NewsPolitical

මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි.. අද ශ‍්‍රීලනිපයේ වැඩි පිරිසක් සිරිකොතෙන් ආ අයයි…

මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි , දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න වැඩි පිරිසක් සිරිකොතේ ඉදලා ආපු අය , මම තවමත් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙක් බව අමාත්‍ය මහින්ද අමරවිර පැවසිය.

අමාත්‍ය මහින්ද අමරවිර මහතා ඒ බැව් කියා සිටියේ කදුකර කොටියන් දඩයම්කරුවන්ගේ සහ මර උගුල් වලට හසු වි මියයාම සම්බන්ධයෙන් කදුකර කොටියන් බේරා ගැනිම සදහා (22) දින පස්වරුවේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්චර්ය ශාලාවේ වනජිවි නිලධාරින් , කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිලධාරින් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය මහින්ද අමරවිර මහතා කියා සිටියේ

වර්තමානය වන විට කඳුකර කොටින් මධු වලට හසුවී වදවී යාමේ ප්‍රවණතාවක් ඇති අතර එම කොටින් රැකබලා රැකබලා ගැනීමට හා ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ සැලසුම් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට වනජීවී නිලධාරීන් සමග එකට එකතුව කටයුතු කිරීමට අද දවසේ තීරණය කර ගත්තා,

මේ වැඩේ අමාත්‍යංශ මට්ටමින් විතරක් කරන්න බැහැ සියලුම නිලධාරීන්ගේ සහයෝගයත් අවශ්‍ය වනවා ,

තමන්ගෙ වගාව බේරගන්න කදුකර කොටින්ට උගුල් ඇටවීම වැරදි වැඩක් අපි මේ පිළිබඳව ගොවි මහතුන් දැනුවත් කරන්න කටයුතු කරනවා ,

වර්තමානයේ අපට දැඩි චෝදනාවක් තිබෙනවා නුවරඑළියෙ උඩරට ගොවීන්ට බීජ අර්තාපල් ලබාදීමට නුවරඑළිය  බීජ අර්තාපල් ගොවිපලවල් අපොහොසත් වී තිබෙනවා කියලා ,

ඒ කතාව ඇත්තක් තමයි ගිය කාලයේ තිබුණු නොයෙකුත් ප්‍රශ්න ඒ කියන්නේ අධික වැසි සහිත කාලගුණය පොහොර හිඟය හා සුළං සහිත කාලගුණ බීජ අර්තාපල් නිෂ්පාදනය කර ගැනීමට ඒ ආයතන වලට නොහැකි වෙලා තියෙනවා කියලා මා දැනුවත් කරලා තියෙනවා ,

ඒ නිලධාරීන්ට මා මේ වන විට උපදෙස් ලබා දී තිබෙන්නේ ඊළඟ කන්නය වන විට හෝ ගොවීන්ට බීජ අර්තාපල් නිසි වේලාවට ලබා දීමට කටයුතු ලබාදීමට කටයුතු කරන ලෙස

දැනට තිබෙන බීජ අර්තාපල් ප්‍රමාණයද ගොවීන් අතර බෙදා දීමට කටයුතු කරන ලෙස අප උපදෙස් ලබාදී තිබෙන්නේ ,

නොයෙකුත් මැති ඇමතිලා  සිරිකොතේ ලගින්න ගියාට  මම නං යන්නේ නැහැ ඒ පැත්තට , මම තවමත් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉදිරි දේශපාලනය කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් සමගින්  යනුවෙන් පැවසිය.

Related posts

2026 අයවැය ප්‍රතිපාදන කාර්යක්ෂමව ජනතා සුබසිද්ධියට යෙදවීම නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපති පවසයි

Shiran Viraj

වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර සෞඛ්‍ය සේවාවක් හදනවා..

Shiran Viraj

රන් තොගය මුදා හරින්නැයි වජිර බලපෑම් කලේ නෑ.. ඉල්ලීමක් කලා පමණයි..- රේගුව

Shiran Viraj
Translate »