2026-08-20
mediahumanrights.lk
Local NewsNews

ස්ථාන මාරුවිමක් ලද පොලිස් ස්ථානාධිපතිට ප්‍රදේශවාසින්ගෙන් උපහාර…

වසර 4 කට ආසන්න කාලයක් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කල ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතාට උපහාර පිදිමේ උත්සවයක් (25) දින පස්වරුවේ බගවන්තලාව විවේකාරාම විහාරස්ථානයේ රැස්විම් ශාලාවේදි සිදු කෙරිණ.

වසර හතරක කාලයක් බගවන්තලාව ප්‍රදේශයට ශාන්ත බණ්ඩාර මහතා විසින් සිදු කල මෙහෙවර වෙනුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ ජිවත් වන සිංහල , දමිල , මුස්ලිම් ප්‍රජාව විසින් මෙම උපහාර පිදිමේ උත්සවය සංවිධානය කර තිබුණි.

ශාන්ත බණ්ඩාර මහතා හැටන් පොලිස් කොට්ඨශයේ සිට නුවරඑලිය පොලිස් කොට්ඨාශයට අයත් ආගරපතන පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කිරිමට පොලිස් මුලස්ථානය විසින් ස්ථාන මාරුවිම ලබා දි ඇත.

– රංජිත් රාජපක්ෂ

Related posts

ඩොලර් තිබෙන නිසා හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකියි – කෘෂිකර්ම ඇමති

Shiran Viraj

ක‍්‍රිප්ටොකරන්සි යෝජනාවට කැබිනට් අනුමැතිය.. නීති හදන්න කමිටුවක් පත් කරයි..

Shiran Viraj

දැවැන්ත විනිමය අර්බුදයක්.. බැංකු පද්ධතිය අනතුරේ.. විශාල කලබලයක් ඇතිවිය හැකියි..

Shiran Viraj
Translate »