27.8 C
Colombo
2026-08-03
mediahumanrights.lk
Local NewsNews

හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා…

යුද්දය හේතුවෙන් මුල් ඉඩම් අතහැර දමා ගොස් මේ වන විට ආරක්ෂක අංශ භාරයේ පවතින යාපනයේ සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් වහාම මුල් අයිතිකරුවන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින්  යාපනයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

යාපනේ විශ්වවිද්‍යාලය ඉදිරි පිටින් යාපනය විශ්වවිද්‍යාල මහාශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු මුල් ඉඩම් අහිමි වූ වැසියන් පිරිසක් විසින් ආරම්භ කරන ලද මෙම විරෝධතාව තෙලිප්පලේ මන්ස්න්දිය දක්වා පැමිණ පසුව විරෝධතාකරුවන් තෙලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.

එහිදී විරෝධතා කරුවන් පවසා සිටියේ තම නිජභූමිය තම ජනතාවගේ ඉඩම් ආරක්ෂක අංශ වෙත ලබා දීම දැඩි අසාධාරණයක් බැවින් යුද්දය අවසන් වී ඇති අවස්ථාවක වහාම සාමාන්‍ය වැසියන්ට අයත් මුල් ඉඩම් නිදහස් කොට අයිතකරුවන්ට ලාබදීමට ආරක්ෂක අංශ ඇතුලු රජය පියවර ගත යුතු බවටය.

පසුව විරෝධතාකරුවන් විසින් තෙලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කාර්යලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමෙන් පසුව ඔවුන්ගේ ඉල්ලීම් සහිත ලිපියක් ප්‍රාදේශීය ලේකම් වරයා වෙත භාර දෙන ලදී.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

අලුත් කැබිනෙට්ටුවත් දෙදරයි.. අගමැතිට ඉල්ලා අස්වන්නැයි ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ කියයි..

Shiran Viraj

අමෙරිකාව තීරණාත්මක සති දෙකක් අභියස

Shiran Viraj

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයි

Shiran Viraj
Translate »