28.4 C
Colombo
2026-07-10
mediahumanrights.lk
BusinessBusiness NewsNews

විදේශ ආයෝජන ව්‍යාපෘති කඩිනමින් අනුමත කිරීමට නව සංශෝධන…

යෝජිත විදේශ ආයෝජන ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාදීමට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී රේචල් තෝමස් මහත්මිය ප්‍රධාන ප්‍රමුඛ ව්‍යවසායකයින් පිරිසක් කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විදේශ ආයෝජන සඳහා ඉදිරිපත්වන යෝජනා කඩිනමින් අනුමත කිරීමට අවශ්‍ය සංශෝධන ක්‍රියාත්මක කිරීමට රජය දැනටමත් සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කැනේඩියානු ව්‍යවසායක පිරිසට පෙන්වා දුන්නේය.

ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා මේ වන විට රජය ගෙන ඇති පියවර පිළිබඳව ඔවුන් දැනුවත් කළ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ වැඩි වැඩියෙන් ආයෝජනය කරන ලෙස විදේශගත ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා කැනඩාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයින්ගේ සහයෝගය අවශ්‍ය බවත් තොරතුරු තාක්ෂණය, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ පුනර්ජනනීය බලශක්තිය වැනි ක්ෂේත්‍ර වල ආයෝජන සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

වත්මන් අර්බුදය ජයගෙන ආර්ථික සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට තම සහාය පළකරන බව එම නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරයා හමුවේ සහතික විය. ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා වැඩි කර ගැනීමට බලාපොරොත්තු වන බව පැවසූ කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර ගොඩනැගීම සඳහා සහාය වීමට ද කැමැත්ත පළ කළේය.

විදේශ ආයෝජන යෝජනා අනුමත කිරීමේ අනවශ්‍ය ප්‍රමාදයන් ඉවත් කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටි අතර වෙනත් බොහෝ ආසියාතික රටවල් ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගත හැකි වන ලෙස තම විදෙස් ආයෝජන ක්‍රියාවලීන් වේගවත් කර ඇති බව ද පෙන්වා දුන්නේය.

මෙම නියෝජිත පිරිසට කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී හැන් ඩොං,රේචල් තෝමස් , ගනේසන් සුගුමාර්, ආතර් ක්‍රවුස්, කුලා සෙල්ලතුරෙයි, මොහාන් පෙරේරා, ජූඩ් ෆ්‍රැන්සිස්, ශිවා සිවනාදන්, ඉලන්කෝ රත්නසබාපති, ප්‍රේම් යචමනයි, රියාස් රාවුෆ්, මහේෂ් අබේවර්ධන, ඩේවිඩ් ස්ටාඕ, සුදර්ශන් ශ්‍රියෝගනාදන් සහ අරුන් කිරුබා ඇතුළු පිරිසක් ඇතුළත් වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Related posts

ජනාධිපතිගේ වාහනය ඩොලර් මිලියන දෙකයි.. අපි ආවම එම වාහන විකුණා රටට අවශ්‍ය ඩොලර් හොයාගන්නවා..- අනුර

Shiran Viraj

කොතලාවලපුර වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

Shiran Viraj

පාසලක් අසල කාලතුවක්කු ගබඩාවක් හමුවෙයි…

Shiran Viraj
Translate »