mediahumanrights.lk
Local NewsNews

සතොස ගෙන්වූ කන්ටේනර් 48ක සහල් කුණු වෙලා..

සතොස ආයතනය විසින් 2022 ජනවාරි මාසයේ සිට ජූනි මාසය තෙක් කාලයේ දී ආනයනය කරන ලද සහල් කන්ටේනර් 48ක ඇති සහල් තොග පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව වාර්තා වෙයි.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ සහල් කිලෝ ග්‍රෑම් එක්ලක්ෂ පනස් හය දහසක පමණ තොගයක් මෙසේ විනාශ වීම හේතුවෙන් අලෙවි කිරීමට නොහැකි තත්වයකට පැමිණ ඇති බවයි.

මෙම තොග අනුරාධපුර කුරුණෑගල වැලිසර සහ රත්මලාන යන ගබඩා සංකීර්ණ වල ගබඩා කර තිබේ.

මෙසේ භාවිත කල නොහැකි තත්ත්වයට පත්ව ඇත්තේ සුදු නාඩු, සම්බා, කීරි සම්බා, සුපිරි සම්බා, බාස්මතී ආදී සහල් තොගයකි.

මේ පිළිබඳව වූ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාද සඳහන් කරන්නේ ඇතැම් සහල් බහලුම් ආනයනය කිරීමේ දී ඒවාට හානි වී තිබූ බවයි.

Related posts

විමල් ජනතාවගෙන් සමාව ගත යුතුයි – දැන ගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂය නෙමෙයි කියලා

Shiran Viraj

වාහන ආනයනය පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් පවසයි

Shiran Viraj

ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා…

Shiran Viraj
Translate »