26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

රෝහල්වල රෝගීන්ට ආහාර සැපයීමත් සීමා වෙයි..

ඖෂධ හිඟයට අමතරව සමහර රෝහල්වල රෝගීන්ට, සෞඛ්‍ය කාර්යය සහායකයන්ට දෛනිකව ලබා දෙන ආහාර වේල ලබා ගැනීම විශාල ගැටලුවකට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

ආහාර සැපයුම් කරුවන්ට නිසි ලෙස මුදල් ලබා නොදීම නිසා රෝහල් වලට ආහාර පලතුරු, සුප්, කැඳ වර්ග සකස් කිරීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හා බිත්තර, මස්, මාළු සැපයීම සීමා වෙමින් තිබෙන බවද සංගමයේ සභාපති එස්.බී. මැදවත්ත මහතා සඳහන් කළේය.

ලංකාවේ විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලට පවා මෙම ගැටලුකාරී තත්ත්වය පවතින බවද පැවසූ ඔහු රෝග තත්ත්වයන් සුවවීම සඳහා රෝගීන්ට ඖෂධ සේම පෝෂ්‍යදායි ආහාර ලබා දීම සිදු කළ යුතු බවත් පැවසීය.

මෙම තත්ත්වය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති හිග මුදල් ගෙවා කඩිනමින් මෙම තත්වය පාලනය කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

මාව බය කරන්න හදන අය 2004ට පෙර කරුණා අම්මාන් කියන්නේ කවුද කියලා මතක් කර ගන්න- හිටපු කොටි නායකයාගෙන් එජාපයට රතු නිවේදනයක්!

Shiran Viraj

ආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි..

Shiran Viraj

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්

Shiran Viraj
Translate »