28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

රෝහල්වල රෝගීන්ට ආහාර සැපයීමත් සීමා වෙයි..

ඖෂධ හිඟයට අමතරව සමහර රෝහල්වල රෝගීන්ට, සෞඛ්‍ය කාර්යය සහායකයන්ට දෛනිකව ලබා දෙන ආහාර වේල ලබා ගැනීම විශාල ගැටලුවකට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

ආහාර සැපයුම් කරුවන්ට නිසි ලෙස මුදල් ලබා නොදීම නිසා රෝහල් වලට ආහාර පලතුරු, සුප්, කැඳ වර්ග සකස් කිරීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හා බිත්තර, මස්, මාළු සැපයීම සීමා වෙමින් තිබෙන බවද සංගමයේ සභාපති එස්.බී. මැදවත්ත මහතා සඳහන් කළේය.

ලංකාවේ විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලට පවා මෙම ගැටලුකාරී තත්ත්වය පවතින බවද පැවසූ ඔහු රෝග තත්ත්වයන් සුවවීම සඳහා රෝගීන්ට ඖෂධ සේම පෝෂ්‍යදායි ආහාර ලබා දීම සිදු කළ යුතු බවත් පැවසීය.

මෙම තත්ත්වය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති හිග මුදල් ගෙවා කඩිනමින් මෙම තත්වය පාලනය කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

එන්නත්කරන ඉලක්ක සපුරා සංචරන සීමා ඉවත් කරනවා…

Shiran Viraj

ෂාෆ්ටර් ඝාතනය කණපිට පෙරලේ.. ගෙල සිරකල වයර් කැබලි නිවසින් හමුවේ…

Shiran Viraj

රාජිත මීගමුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රදවයි..

Shiran Viraj