28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

මා බලය ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි.. සන්නද්ද අරගලයකින් නොවේ..- උවිදු

රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර මහතා ඇඹිලිපිටියේදී  ක්‍රියාකාරීන් පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්විණි.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී රටේ පවතින වත්මන් දේශපාලන තත්වය පිළිබදව අදවහස් දක්වන ලදී.

තමා බලයට පත්වෙන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී ව බවද කීය. අරගලයට දේශපාලන මුහුණුවරක් ගත් බැවින් එය වෙනස් මාර්ගයක ගිය බව ද කීය.

‘අපිට ජයග්‍රහණය කරන්න පුලුවන් දේශපාලන ක්‍රමයක් මේ රටේ තියනවා. ව්‍යවස්ථාවක් තියනවා. ඒවායින් පිට අපි යන්න බලාපොරොත්තුවක් නැහැ. මේවට අතීතයේ පාඩම් තියනවා.

බලය අල්ලනවා කියල සන්නද්ද ක්‍රියාමාර්ග වලට අපි යන්නේ නැහැ. ලංකාවේ තියෙන දේශපාලන හා සංස්කෘතික පදනමක් එක්ක අපිට බලයට එන්න පුලුවන්. මේ රට ගොඩ නගන්නඅපි ඕන සහයෝගයක් ලබාදෙනව.

සන්නද්ද ව්‍යාපාර වර්තමානයේ අපේ රටට කොහොමත්ම ගැලපෙන්නේ නැහැ. අපි වි්හවාස කරන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී ඡන්ද ක්‍රමය’

– ප්‍රගීත් ජනක

Related posts

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු මැයි මාසයේ එයි

Shiran Viraj

රසායනික පොහොර තහනමේ කිසිම වෙනසක් නෑ..

Shiran Viraj

ඩෙංගු වර්ධනයේ වීමේ අවදානමක්

Shiran Viraj
Translate »