26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

ගෝඨාභය අද උන්හිටි තැන් නැති වී අහිකුණ්ඨිකයකු මෙන් මෙන් තැනින් තැන ඇවිදිනවා…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද උන්හිටි තැන් නැති වී අහිකුණ්ඨිකයකු මෙන් මෙන් තැනින් තැන යමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ පවසන්නේ දරුණු ත්‍රස්තවාදයකින් අපේ රට මුදා ගත්ත නායකයෙක්ට කෙළෙහිගුණ දක්වන්න බැරි තරම් අපේ ජාතිය අකෘතඥ වී ඇති බවයි.

‘බුදු හාමුදුරුවෝ තමයි අපිට කෙළෙහිගුණ දැක්වීමේ මුල්ම පාඩම කියලා දුන්නේ. උන්වහන්සේට බුදුවෙන්න සෙවණ දුන්න බෝධියට පුරා සතියක් තිස්සේ අනිමිසලෝචන පූජාව පවත්වමින් කෙළෙහිගුණ දැක්වීමේ වටිනාකම ලෝකයට දේශනා කළා. නමුත් අපේ මිනිස්සු ඒ කෙළෙහිගුණ දැක්වීමේ ගුණය ආරෝපණය කරගත්තේ වැරදි තැනකින්. කුඹුරට හේනට යොදාගන්න කැත්ත උදැල්ලටත් වැඳලා කෙළෙහිගුණ දක්වන අපේ මිනිස්සුන්ට මේ රට නිදහස් කර ගත්ත පුද්ගලයන් ගැන එවැනි ගෞරවයක් තියෙන බවක් පේන්න තිබුණේ නැහැ. ඔවුන් රටේ සහ ජාත්‍යන්තරයේ විවිධ වුවමනා එපාකම් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂව රටෙන් එළවලා දැම්මා.

මම මේ උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ නිවැරදියි කියලා ඔප්පු කරන්න නෙමෙයි. රටේ ප්‍රධාන පාලකයා විදිහට ඔහුගේ අඩුපාඩුකම් බොහොමයි. නමුත් ඔහු වසර තිහක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදයෙන් මේ රට මුදා ගන්න මූලිකත්වය අරන් කටයුතු කළා. කාගේ වුවමනාවකට හෝ එවැනි නායකයෙක් මේ රටෙන් එළවන්න කටයුතු කිරීම මොන තරම් පහත් දෙයක් ද?

අද ගෝඨාභය රාජපක්ෂට උන්හිටි තැන් නැති වෙලා, ඔහු අහිකුණ්ඨිකයෙක් වගේ තැනින් තැනට යනවා. දරුණු ත්‍රස්තවාදයකින් අපේ රට මුදා ගත්ත නායකයෙක්ට කෙළෙහිගුණ දක්වන්න බැරි තරම් අපේ ජාතිය අකෘතඥ වෙලා. දේශපාලන මතවාදයන් පසෙක දැම්මත් මෙවැනි සිදුවීම් ගැන මට තියෙන්නේ කලකිරීමක්. සංස්කෘතිය ජාතිය ආගම පිළිබඳව වටිනාකමක් නොදන්න මිනිස්සු නිසා තමයි මෙවැනි දේවල් වෙන්නේ’

Related posts

හෙට තරගයේ ආරක්ෂාවට පොලිසියේ 1000ක්! CCTV කැමරාත් යොදාගනී

Shiran Viraj

අමෙරිකානුවන්ට දේශ සීමා විවෘත නොකරන්න යුරෝපා සංගමයේ අවධානය

Shiran Viraj

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්

Shiran Viraj
Translate »