28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…

ගාලුමෝදර විරෝධතා ස්ථානයේත් ඒ ආසන්න ප්‍රදේශවලත් නීති විරෝධී ආකාරයට රැඳී සිටින සියළුම පුද්ගලයන් වෙත පොලිසිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

අගෝස්තු 5 වන දා පස්වරු 05.00ට පෙර එහි ඇති අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කළ යුතු බවට පොලිසිය දැනුම් දී තිබේ.

එම ප්‍රදේශය රජයට අයත් භූමි කොටසක් බවත් එහි අනවසර ඉදිකිරීම් හා බෝග වගාවන් වහාම ඉවත් කරගත යුතු බවද පොලිසිය දන්වයි.

රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ලෙස කටයුතු කරන ලෙසද දැනුම් දෙන පොලීසිය මෙම උපදෙස් වලට අනුගතව කටයුතු නොකරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද දැනුම් දී තිබේ.

Related posts

ඇ‌මෙරිකාවෙන් ලැබුණු MCC තෑග්ග කොල්ලකෑමට ලක්වුණා..- ඇමරිකා තානාපති

Shiran Viraj

හැමෝම ජනාධිපති සමග එක්වන්න.. ඔහු වසරකින් රට බේරාගත්තා..

Shiran Viraj

රෝගීන්ගේ ඩී එන් ඒ පරීක්‍ෂා කර ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් ලඟදීම

Shiran Viraj