28.7 C
Colombo
2026-10-28
mediahumanrights.lk
Local NewsNews

ශ‍්‍රී ලංකා සීමාව පැන්නූ ඉන්දීය ධිවර පිරිසක් අත්අඩංගුවට…

යාපනය පේදුරුතුඩුවට නුදුරින් පිහිටි මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

ඉන්දීය ධීවරයින් විසින් පේදුරුතුඩුව මුහුදු තීරයට ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති.

ඉන්දීය ධීවරයින් සමග ධීවර යාත්‍රාව සමගින් ඔවුන් විසින් අල්ලා තිබූ මසුන් සමගින් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගෙන පවත්නා සෞඛ්‍යාරක්ෂිත පියවරයන්ට අනුව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 12 දෙනා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය ධීවර පරික්ෂක කාර්යාලයට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

Related posts

ශ්‍රී ලාංකික ධීවරයන්ට පහර දුන් බවට එල්ල වන චෝදනා ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

Shiran Viraj

තීරණය කළ යුත්තේ ජනතාවයි – හිටපු ජනපතිනිය

Shiran Viraj

ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වේ! මහින්දගේ ඉල්ලීම මායිම් නොකරයි!ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වේ! මහින්දගේ ඉල්ලීම මායිම් නොකරයි!

Shiran Viraj
Translate »