mediahumanrights.lk
Local NewsNews

මුහුදු වෙරලට දැවන්ත මිණි මුතු මෝරෙකු ගොඩගසයි…

මුලතිව් අලම්පිල් මුහුදු වෙරලට මියගිය දැවැන්ත මිණි මුතු මොරෙකු ගොඩගසා තිබූ බවට මුලතිව් ධීවරයින් පවසති.

වඳවී යාමේ තරුජනයකට ලක්ව සිටින මෙම මිණි මුතු මෝර විශේෂය ඉතා දුර්ලබ ගනයේ මෝරෙකු වන අතර ශ්‍රීලංකාවේ ඇල්ලීමටද තහනම් මත්ස්‍ය විශේෂයක් වෙයි.

මුලතිව් අලම්පිල් මුහුදු වෙරලට මෙම මිණි මුතු මෝරා අඩි 20 ක් පමණ දිගින් යුක්තවන අතර සිරුර ගොඩ ගැසීමෙන් පසුව ප්‍රදේශයේ ධීවරයින් දැක ඒ බව මුලතිව් සහකාර ධීවර පරික්ෂඛ කාර්යාලයට දැනුම් දී වනජීවි නිලධාරීන්ට දැනුම් දීමට පියවර ගෙන ඇත.

මෝර පවුලේ විශාලතම වර්ගයකට අයත් මෙම මිණිමුතු මෝරා අවුරුදු 70ත් 100 ත් අතර කාලයක් ජීවත් වන මත්සයෙකු වන බැවින් මෙම මෝරා ඉන්දීය ට්‍රොල්ර යාත්‍රාවලට හසුවීමෙන් තුවාල ලබා මියගොස් අලම්පිල් මුහුදු වෙරලට ගොඩගසන්නට ඇති බවට මුලතිව් ධීවරයින් වැඩිදුරටත් පවසති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

තැන්පතු මුදල් නීති විරෝධී ලෙස ලබාගත් මූල්‍ය ආයතනයකට මහබැංකුවෙන් නියෝගයක්

Shiran Viraj

කොරෝනාවෙන් නැතිවුනු වසර දෙක ගන්න ජනමත විචාරණයක් තියන්නැයි මගෙන් ඉල්ලුවා..- ජනපති

Shiran Viraj

සිර භාරයෙන් පැන යාමට තැත් කළ පාතාල නායකයා පොලිස් වෙඩි පහරින් මරුට

Shiran Viraj
Translate »