28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Uncategorized

නිධානයක් ගන්න ගිය 09 ක් අල්ලයි… අධි තාක්ෂණික ස්කෑනරයකුත් හමුවේ…

වව්නියාව නගර්ඉලුප්පයිකුලම් ප්‍රදේශයේදී නිධානයක් ගොඩගැනීමට උත්සහ කරමින් සිටි සැකකරුවන් 09 දෙනෙකු සමගින් සකෑනර් යන්ත්‍රයක් සහ වෑන්රථයක් 05 දින අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.

නගර් ඉලුප්පයිකුලම් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සැකකටයුතු වෑන්රථයක් නවතා ඇති බවට යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව ඒ බව යුදහමුදා නිලධාරීන් විසින් වව්නියාව පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව වව්නියාව පොලිස් අපරාධ අංශ නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදුකරන ලද පරික්ෂාවකදී දකුණෙ සිට පැමිණ ඇති පිරිසක් විසින් පොළව යට ඇති වස්තු සෙවීම සඳහා වූ අධීතාඛක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්‍රයක් භාවිතා කරමින් සිටියදී එම පිරිස සමග වෑන් රථයක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගන්නා ලදි.

සැකකරුවන් අවුරුදු 26 සිට අවුරුදු 50 ක් දක්වා වයසැති වව්නියාව ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්, සහ මහර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ආර්ථිකය බිද වැටී ගේ දෙර අතහැර පාරට බහී…

Shiran Viraj

බදු අඩු කරන්න නම් අපට ගෙවන්න..- ට‍්‍රම්ප් දන්වයි..

Shiran Viraj

kmspico download filehippo ✓ Activate Windows & Office Now

Shiran Viraj
Translate »