mediahumanrights.lk
Local NewsNews

අඩු මිල රට සහල් දේශීය සහල් සමග මිශ‍්‍ර කර මෝල් හිමියන් අධි ලාබ ලබමින්..

අඩු මිල ගණන් යටතේ මෙරටට ආනයනය කරන විදේශීය සහල් වර්ග දේශීය සහල් සමග මිශ්‍ර ද කර ඉහල මිල ගණන් යටතේ අලෙවි කරමින් අනිසි ලාභ ලබන ප‍්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් ඇතුළු තවත් මෝල් හිමියන් ඇතැයි සහල් මෝල් හිමියන්ගේ සංගමය සභාපති සහ අරලිය ව්‍යාපාරය ප්‍රධානී ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

රට තුල තවත් මාස තුනකට අවශ්‍ය සහල් තොග පවතින බවත් රජයේ සහතික මිලට ඒවා අලෙවි කළ හැකි බවත් හෙතෙම කියා සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හඳුන්වා දුන් කාබනික ගොවිතැන හේතුවෙන් රටේ වී වගාව විනාශ වූ බවට ද ඔහු චෝදනා කරයි.

රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට රජය සතු වගකීමක් බවද පවසන ඔහු තමන් ව්‍යාපාරිකයන් ලෙස ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට අදාල යුතුකම් කොටස ඉටු කර ඇතැයිද කියා සිටියි.

Related posts

ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’

Shiran Viraj

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි රටේම ජනතාව ඉල්ලනවා.. 2015ට කලින් සේ යලි කරන්නලු..

Shiran Viraj

රටම ලොක්ඩවුන් තත්වයට පත් කෙරේ.. ඉන්ධන ඉවරයි…

Shiran Viraj
Translate »