mediahumanrights.lk
International NewsNews

මුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්

ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීම සඳහා ඉන්දියාව විසින් අත්තිකාරම් මුදලක් ඉල්ලා ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ලබා දුන් ණය පහසුකම අවසන් වීමත් සමග මෙම දැනුම්දීම කර ඇතැයි ඉන්දීය ආරංචි මාර්ග උපුටමි එම පුවත් සේවය සඳහන් කර තිබේ.

එම වාර්තාව තවදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන මිලට ගැනීමට විදෙස් සංචිත නොමැති වීම මත ඉන්දියාව ශ්‍රී ලංකාවට තවදුරටත් ණයට ඉන්ධන ලබා දීම අත්හිටුවා ඇති බවයි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මුදල් ගෙවීමට නියමිතව ඇති ඉන්ධන නෞකා කිහිපයක් මුදල් ගෙවන තුරු රඳවා තබා ගැනීමට ද කටයුතු කර ඇතැයි එම පුවත් සේවය කියයි.

කෙසේ වෙතත් මීළඟට ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි පැවසෙන ඉන්ධන නෞකා හතරද අත්තිකාරම් මුදල් ගෙවීමක් ලැබුණු බවට තහවුරු කිරීමක් ලැබෙන තෙක් බලා සිටින බව ද වාර්තාව තව දුරටත් කියා සිටී.

එම වාර්තාව මෙතනින්…

Related posts

බස් රථයක් ප‍්‍රපාතයට පෙරලේ.. විශාල පිරිසක් රෝහලේ…

Shiran Viraj

පේශල පූර්ණිකා එක්ක සම්බන්ධයක් තියනවා කියන කතාවට උත්තර බදියි

Shiran Viraj

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් සෞඛ්‍ය ඇමතිට පැසසුම්

Shiran Viraj
Translate »