mediahumanrights.lk
Local NewsNews

බසයේ පසුපස රෝදයට යටවි යතුරු පැදියේ ගමන් ගත් දෙදරු පියා ජිවිතක්ෂයට…

ධාවනය වෙමින් තබු පෞද්ගලික බස් රථයේ පසුපස රෝදයට යටවි දෙදරු පියෙකු (15) දින ජිවිතක්ෂයට පත් වු බව තලවාකැලේ පොලිසය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත්වි ඇත්තේ තලවාකැලේ ලිදුල මෙරායා ප්‍රදේශයේ පදිංචි  නටරාජ් සෙල්වදොරෙයි නැමැති (46) දෙදරු පියෙකි.

(15) දින උදැසන 6.40 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ තලවාකැලේ නගරයේ වටරවුම් මාර්ගයේදිය.

තලවාකැලේ සිට පුඩලුඔය දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථය වටරවුම් මාර්ගයේදි සංඥා නොදමා එක් වරම දකුණු පසට හරවන අවස්ථාවේ පසුපසින් පැමිණි යතුරුපැදි කරු බස් රථය ඉස්සර කර යාමට උත්සහ කල අවස්ථාවේ යතුරු පැදි කරු යතුරු පැදිය සමග බස් රථයේ පසුපස රෝදයට යටවිමෙන් පසු  බරපතල ලෙස තුවාල ලබා ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ප්‍රතිකාර සදහා රැගෙන යන අවස්ථාවේ යතුරු පැද කරු ජිවිතක්ෂයට පත් වු බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය කියා සිටියේ.

අනතුර සම්බන්දයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරා සැතපිට අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරපත් කරන ලෙස ද තලවකැගේ පොලසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ඇබඩින් දිය ඇල්ලේ සැඩ පහරකට හසුවූ විදේශික කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් බේරා ගැනේ

Shiran Viraj

ධනුෂ්කගේ ප‍්‍රශ්ණයට මා සම්බන්ධ කිරීමෙන් ජාතියේ ප‍්‍රතිරූපය තවත් කෙලෙසෙනවා..

Shiran Viraj

උදේ නොතිබුණු ගිනි අවි මහේස්ත්‍රාත්වරිය එද්දී මළසිරුරු ලග තිබුනා- වැලිකඩ බන්ධනාගාර ඝාතන සිද්ධිය ගැන අලුත්ම සාක්ෂියක්

Shiran Viraj
Translate »