28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලෙස පත් කර සිටින ධම්මික පෙරේරා මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එමගින් කියා සිටින්නේ ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට ගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බවයි.

ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී මන්ත්‍රීවරයෙකු ලෙස පුද්ගලයකු පත් කළ හැක්කේ එම පුද්ගලයා මැතිවරණයේදී දිස්ත්‍රික් සඳහා භාරදුන් නාමයෝජනා වල හෝ ජාතික ලැයිස්තුවේ නම් සඳහන් වුවහොත් පමණක් බවය.

නමුත් ධම්මික පෙරේරා මහතාගේ නම ඉතුරු ඉකුත් මැතිවරණයේදී එම කිසිදු නාම යෝජනා පත‍්‍රයක නොතිබූ බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි යයි පැමිණිලිකරුවන් කියා සිටී.

මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසිනි.

Related posts

‘සහන මල්ල’ මැ.කො. තහනම් කරයි.. මැතිවරණයෙන් පසු බෙදන්න දන්වයි…

Shiran Viraj

වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවයි

Shiran Viraj

ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස්කර ගන්න..- හමුදාපති රටටම දන්වයි..

Shiran Viraj
Translate »