mediahumanrights.lk
Local NewsNews

තිරික්කල් රේස් ආරවුලෙන් සහෝදරයින් දෙදෙනෙකුට මරුට… තවත් 4 කට තුවාල…

මන්නාරම, උයිලන්කුලම නොච්චිකුලම ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර 10 දා සවස ඇතිවූ ගැටුමක් අතරතුර තියුණු ආයුධවලින් පරදීමෙන් සහෝදරයන් දෙදෙනකු ජීවිතක්ෂයටපත්ව තවත් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි  මන්නාරම පොලිසිය කියයි.

අදාල සොහොයුරන් දෙදෙනා ඇතුලු පිරිස්ක් තවත් පාර්සවයක් සමග නොච්චිකුලම් ප්‍රදේශයේදී බහින්බස් වීමක් ඇතිව තිබෙන අතර පසුව එය ආරවුලක් දක්වා දුරදිග ගොස් ඇත. අනතුරුව දෙපාර්සවය විසින්ම තියුණු ආයුධවලින් පහරදීගෙන ඇති අතර එහිදී එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මන්නාරම් රෝහලට ඇතුලත්කලද ඒ වනවිටත් දෙදෙනාම මිය ගොස් තිබේ.

අදාල ආරවුල උයිලන්කුලම් ප්‍රදේශයේ මීට සතියකට පෙරදී පැවත්වූ තිරික්කල් රේස් තරඟයකිදී ජයග්‍රහනය පිළිබඳව ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් මිය ගිය සොහොයුරන් හා තවත් පාර්සවයක් අතර මීට පෙරදීද ආරවුලක් ඇතිව තිබෙන බවත් පසුව නැවත වරක් පසුගිය 10 වනදා සවස ඇති වූ ආරවුල දුරදිග යාමෙන් මෙම මරණ සිදුව ඇති බවටද පොලීසිය විසින් අනාවරනය කොටගෙන ඇත.

පහරදීමෙන් මියගොස් ඇත්තේ උයිලන්කුලම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සොහොයුරන් වන 45 හැවිරිදි ජේසුදාසන් රාමයියා සහ 34 හැවිරිදි  ජේසුදාසන් දේවරාජ් නැමති අය වෙයි.

ඝාතනයවූ අයියා මලෝ දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවටපත්වූවන් බවට තොරතුරු අනාවනය වී ඇතැයිද පොලිසිය පැවසීය.

පහරදීමෙන් තුවාල ලැබූවන් මන්නාරම රෝහල වෙත ඇතුලත් කොට ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවටද පහරදීම් සිදුකල සෙසු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණයක් අරඹා ඇතැයිද මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ශ‍්‍රී ලංකාවේ විසීම ගෞරවයක්.. කොරෝනාවෙන් පීඩිත අපට දැක්වූ සහයට ස්තුතියි..- චීනය ශ‍්‍රී ලංකාවට කියයි..

Shiran Viraj

ඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය..

Shiran Viraj

සාරංග ඉස්සරහම උමාලිට ලැබුණු හොඳම නිළිය සම්මානයෙන් පස්සේ, සාරංග මුහුණු පොතට දැම්ම අමුතු සටහන – Photos

Shiran Viraj
Translate »