mediahumanrights.lk
Local NewsNews

ඉන්දීය ආහාර හා තෙල් තවත් නොලැබෙන ලකුණු….

ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ණය පහසුකම් තවදුරටත් ලබා දීමට පොරොන්දු නොවන බව ඉන්දීය නියෝජිත පිරිස ලක් රජයට දැනුම් දී ඇත.

ඉන්දියාවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති අගමැති සමග සාකච්ඡාවක නිරත වූයේ බ්‍රහස්පතින්දා දිනයේය. එහිදී ඉන්දීය ණය පහසුකම් යටතේ ඇමරිකා ඩොලර් මිලියන දහසක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයටද, ඇමරිකා ඩොලර් මිලියන 500ක් ඉන්ධන ආනයනය කිරීම සඳහා ලබා ගැනීමටද සැලසුම් කර තිබුණි. එහෙත් විශේෂ නියෝජිත කණ්ඩායම ණය පහසුකම් ලබා දීමට වඩා ලබා දුන් ණය ආපසු ලබා ගැනීම කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.

විදේශීය රටවලට ණය ලබාදීම සඳහා ඉන්දීය මූල්‍ය මණ්ඩලය සීමා පැනවීමටද මීට එක් හේතුවක් වී ඇත. ණය ලබා දීමේ සීමාවද ඉක්මවා තිබීම තවත් එක් හේතුවකි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාව පිළිබඳ වාර්තාවක් විශේෂ නියෝජිත කණ්ඩායම ඉන්දීය ආණ්ඩුවට ලබාදීමටද නියමිතය. ඉන්දියාව මෙලෙස ණය ආධාර ලබාදීමට පොරොන්දු නොවී ඇත්තේ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුවේදී කළ ප්‍රකාශය නිසා පවතින කනස්සල්ල බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් බ්‍රහස්පතින්දා පැවැත්වූ සාකච්ඡාවේදීද මෙම කරුණු තහවුරු වී තිබේ. කෙසේ වෙතත් ඉන්දීය නියෝජිත කණ්ඩායම සමග පැවැති සාකච්ඡාවලින් පසු අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ සාකච්ඡාව සුභදායක බවයි. මීට පෙර ඉන්දීය ණය පහසුකම් මෙරටට ලබා ගැනීමට මැදිහත් වූයේ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාය.

Related posts

කාලගුණයෙන් සීතල වුණ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නිසා උණුසුම්

Shiran Viraj

ඉදිරියේ දී අපනයන ආර්ථිකයක් බිහි කරනවා

Shiran Viraj

විශ්වවිද්‍යාල අයදුම්පත් බාරගැනීම 7 දක්වා කල් යයි

Shiran Viraj
Translate »