mediahumanrights.lk
Local News News

ඉන්දීය ආහාර හා තෙල් තවත් නොලැබෙන ලකුණු….

ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ණය පහසුකම් තවදුරටත් ලබා දීමට පොරොන්දු නොවන බව ඉන්දීය නියෝජිත පිරිස ලක් රජයට දැනුම් දී ඇත.

ඉන්දියාවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති අගමැති සමග සාකච්ඡාවක නිරත වූයේ බ්‍රහස්පතින්දා දිනයේය. එහිදී ඉන්දීය ණය පහසුකම් යටතේ ඇමරිකා ඩොලර් මිලියන දහසක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයටද, ඇමරිකා ඩොලර් මිලියන 500ක් ඉන්ධන ආනයනය කිරීම සඳහා ලබා ගැනීමටද සැලසුම් කර තිබුණි. එහෙත් විශේෂ නියෝජිත කණ්ඩායම ණය පහසුකම් ලබා දීමට වඩා ලබා දුන් ණය ආපසු ලබා ගැනීම කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.

විදේශීය රටවලට ණය ලබාදීම සඳහා ඉන්දීය මූල්‍ය මණ්ඩලය සීමා පැනවීමටද මීට එක් හේතුවක් වී ඇත. ණය ලබා දීමේ සීමාවද ඉක්මවා තිබීම තවත් එක් හේතුවකි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාව පිළිබඳ වාර්තාවක් විශේෂ නියෝජිත කණ්ඩායම ඉන්දීය ආණ්ඩුවට ලබාදීමටද නියමිතය. ඉන්දියාව මෙලෙස ණය ආධාර ලබාදීමට පොරොන්දු නොවී ඇත්තේ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුවේදී කළ ප්‍රකාශය නිසා පවතින කනස්සල්ල බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් බ්‍රහස්පතින්දා පැවැත්වූ සාකච්ඡාවේදීද මෙම කරුණු තහවුරු වී තිබේ. කෙසේ වෙතත් ඉන්දීය නියෝජිත කණ්ඩායම සමග පැවැති සාකච්ඡාවලින් පසු අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ සාකච්ඡාව සුභදායක බවයි. මීට පෙර ඉන්දීය ණය පහසුකම් මෙරටට ලබා ගැනීමට මැදිහත් වූයේ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාය.

Related posts

තැන තැන කොවිඩ් රෝගීන් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය හොඳටම අවදානම්

Shiran Viraj

කෙහෙලිය ඉවත් කිරීම ගැන නාමල් කියයි..

Shiran Viraj

තව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ..මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං- සජිත්ගේ සිහින බිදිමින් රනිල් කියයි..

Shiran Viraj