mediahumanrights.lk
Local NewsNews

තලපත්, කෙලවල්ලා කිලෝව 2800යි.. බෝල්ලු, බලයා 1200යි…

ඩිසල් හිගය හා ඉන්දන මිල ඉහල යාමත් සමග රට මැද ප්‍රදේශවල මාළු මිලද දැඩි ලෙස ඉහල යාමෙන් හැටන් ජනතාව දැඩි දු‍ෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට ඒම ප්‍රදේශ වල කෙළවල්ලා, තලපත් මාළු කිලෝව රුපියල් 2800 දක්වා ඉහල ගොස් ඇති අතර ඇටවල්ලා, බලයා, බොල්ලා, කිලෝව රුපියල් 1200ත්, අලගොඩුවා, ලින්නා කිලෝව රුපියල් 1100ත් සාලයා කිලෝව රුපියල් 600ත් වැනි මිලකට අලෙවි වෙයි.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ මාළු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට මාළු කැමට නොහැකි තත්වයක් පවතින බවත්ය.

මාළු වෙලදුන් පවසනුයේ පවතින ඉන්දන හිගය මෙන්ම ඉන්දන මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මාළු මිල ගනන්ද මෙසේ ඉහල ගොස් ඇති බවයි.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

ටෙලි නාට්‍ය, ගුවන්විදුලි හඬකැවීම් නිසා හරිම කාර්යබහුලයි

Shiran Viraj

කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…

Shiran Viraj

වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 130ක්

Shiran Viraj
Translate »