26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

විදුලි කප්පාදුව නිසා පාසැල් දැරියක් මිය යයි…

යාපනය ඉලවාලෙයි පොලිස් වසමේ පිරාම්පිඩ්ඩු, පණ්ඩිතිරිප්පු ප්‍රදේශයේ ගිනිගැනීමක් හේතුවෙන් සාමාන්‍ය පෙළ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් මිය ගොස් ඇතයි පොලීසිය පවසයි.

ජේ. 247 පණ්ඩිතිරිප්පු ප්‍රදේශයේ රාත්‍රී විදුලිය විසන්ධි වීමෙන් පසුව අදාල සිසුවිය සිය නිවසේ කාමරයේ ලාම්පු එලියෙන් පාඩම්කරමින් සිට ඇත.

යාබද කාමරයේ සිසුවිය මව සහ පියාද සිට ඇති අතර එකවරම් සිසුවිය ගිනිගන්නා බවටත් බේරාගන්නා ලෙසත් කෑ ගසා ඇතත් ඒ වන විටත් ගින්න නිවා දැමීමට නොහැකි තරම් ඇවිලීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව ගින්න නිවා දමා සිසුවිය කාමරයෙන් පිටතට ගනු ලැබීය.

ඒ වන විටත් දැඩි ලෙස පිලිසුම් තුවාල ලබා සිටි සිසුවිය සංගානෙයි රෝහලට ඇතුලත් කොට ඇතත් ඒ වන විටත් සිසුවිය මිය ගොස් සිට ඇති බවට රෝහල් වෛද්‍යවරුන් පවසා ඇත.

මෙලෙස ගිනිගැනීමෙන් මිය ගොස් ඇත්තේ තෙලිප්පලෙයි මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලැබූ සුදර්සන් සදුර්සිකා නැමති සිසුවියකි.

මිය ගිය සිසුවියගේ කාමරයේ ඇති වූ ගින්නට හේතුව නිශ්චිතවම මෙතෙක් අනාවරනය වී නොමැති අතර සිසුවියගේ දෙමාපියන්ගේ තොරතුරු වලට අනුව පාඩම් කරමින් සිටි ලාම්පුව පෙරලීමෙන් පළමුව ගිනිගෙන ඇති බවටත් දැරිය දැගලීමෙන් පසුව සිසුවියගේ පියා විසින් පසු ප්‍රයෝජනය සඳහා තබා තිබූ පෙට්‍රල් කෑන් එක පෙරලී සිරුරටම ගිනිගෙන ගින්න ව්‍යාපත් වූ බවට සැකයක් පවතින බවටත්ය.

මිය ගිය සිසුවියගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් සංගානෙයි රෝහලේ තැන්පත් කොට ඇති අතර වැඩිදුර පරික්සණ කටයුතු ඉලවාලෙයි පොලීසිය සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

කිරි පිටි මිල ඉහලට..

Shiran Viraj

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අගමැති අනලාලු.. ජනපති අතදාන්නෑලු…

Shiran Viraj

ගංවතුරෙන් හානියට පත් නිවාස කඩිනමින් යථා තත්වයට පත් කරනවා – එරාන් වික‍්‍රමරත්න කියයි

Shiran Viraj
Translate »