30.4 C
Colombo
2026-08-06
mediahumanrights.lk
NewsPolitical

ඉන්ධන, විදුලි, ගෑස් පොලිම් අවසන් කරන්න අගමැති රනිල්ගේ සැලසුම් මෙන්න..

එළඹෙන මාස කිහිපයේදීද පවතින අර්බුදකාරී තත්වය තවත් දරුණු වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පළමු වතාවට මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම ආර්ථික පීඩාව නිසා ජනතාවක් අමාරුවෙන් ජීවත් වන ඉන් ඔවුන් ගොඩ ගත යුතු නිසා අගමැති ධුරය තමන් බාර ගත් බවත් හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා කර ඒවායේ සහයෝගය තමන් ලබා ගන්නා බවත් ඔහු පැවසීය.

නැවතත් තුන්වේල කන රටක්, රුපියලට වටිනාකමක්, තරුණයන්ට අනාගතයක් ලබා දෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ඉදිරියේදී ඉන්ධන, ගෑස් හිගය අවසන් කරන බවත් විදුලි කප්පාදුව නතර කරන බවත් පැවසූ ඔහු ඒ සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සහයෝගය ලබාගන්නා බවද කියා සිටියේය.

Related posts

ඇමති සංශෝධනය නිසා පාර්ලිමේන්තුවත් වෙනස් වෙයි – ඇමති මාරපනට ආණ්ඩුවේ ඉදිරිපෙළ අසුනක්

Shiran Viraj

නිදහස් කුසලාන අවසන් තරගය අද

Shiran Viraj

නිරෝධායන රාජකාරියට ගිය PHIට මන්ත‍්‍රීගෙන් තර්ජන..

Shiran Viraj
Translate »