mediahumanrights.lk
Local News News

රනිල් අගමැති කමට යෝජනා කළේ බංකරයේ සැගවී සිටින මහින්ද…

රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කරනු ලැබුවේ රට තුළ මහා ලේ වැගිරීමක් සිදුකොට දැනට සැඟවී සිටින මහින්ද රාජපක්ෂ මහතා බංකරයේ සිට බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ රාජපක්ෂලාගේ ගැලවුම් කරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හා සමාජය විසින් හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම කිසිදු ජනවරමක් නොමැති පරාජිත පුද්ගලයෙකු සහ කිසිදු අවස්ථාවක සිවිල් සමාජය තුළින් යෝජනා වූ පුද්ගලයෙකු හිටි හැටියේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පුදුමසහගත බවයි උන්වහන්සේ පවසන්නේ.

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම කරුණු හෙළි කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව ගුණාංග සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් සිදු කරන උන් වහන්සේ පෙන්වා දෙන්නේ මහනායක හිමිවරුන්ගේ සහ සෙසු ආගමික නායකයින් ගේ ආශිර්වාදය ද සමඟින් ව්‍යවස්ථානුකූලව සහ අවස්ථානුකූලව අගමැති ධුරය භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියද ඔහු විවිධ හේතු ඉදිරිපත් කරමින් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

ඒ හා සම්බන්ධ තවත් ඉල්ලීම් රැසක් විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කළ ආකාරයත් සියල්ල ප්‍රතික්ෂේප කරමින් එකවර ජනාධිපතිවරයා බවට පත්වීමට උත්සාහ දැරීම හේතුවෙන තවත් සමාජ අර්බුදයක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළා.

ගෝල්ෆේස් අරගලකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පසුගියදා පොලිසිය විසින් සිදු කරනු ලැබූ නිවේදනය සිදුකර ඇත්තේ පොලිසිය විසින් නොවන බව ද උන්වහන්සේ මෙහිදී හෙළි කරනු ලැබුවා.

උන්වහන්සේ පෙන්වා දුන්නේ සියලු තත්වයන් මැද විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

Related posts

කාන්තාවක් නිල්වලා ගඟට තල්ලු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Shiran Viraj

ජනාධිපති අඩපන කරන ‘21 සංශෝධනය’ කැබිනට් මණ්ඩලයට…

Shiran Viraj

දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?

Shiran Viraj