mediahumanrights.lk
Local News News

සාමාන්‍ය පෙල විභාග මධ්‍යස්ථාන ගංවතුරට යටවෙයි…

ඊයේ දිනයේ දී සහ අද උදෑසන පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලුණු වර්ෂාව නිසා පුත්තලම සහිරා විද්‍යාල සහ ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය යන විද්‍යාලවල ස්ථාපිත කර ඇති සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන වලට ක්ෂණික ගංවතුර තත්වයක් ඇතිවිය.

මෙම තත්වය විභාග පැවැත්වීම සදහා බාධාකාරී තත්වයක් ඇතිවිය විය හැකි බැවින් ශ්‍රී ලංකා යුධ හමුදා 143 වන බල සේනාවෙහි සහ නාවික හමුදාවෙහි සහය ඇතිව විභාග දෙපාර්තමේන්තුව එක්ව එම විද්‍යාලවල ගංවතර අවදානම් විභාග මධ්‍යස්ථාන ආරක්ෂිත වෙනත් පාසැල් ගොඩනැගිලි වෙත ක්ෂණිකව මාරු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කටයුතු කරන ලදී.

මෙම ක්ෂණික සම්බන්ධීකරණ ක්‍රියාවලිය නිසා මෙම විද්‍යාල දෙකෙහි අද දින විභාගය කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට හැකි විය.

– DMC

Related posts

ජනපතිගෙන් නව ජාතික අධ්‍යාපන සැලැස්මක්

Shiran Viraj

කොරෝනා යයි සැක කිහිප දෙනෙකු පුත්තලමෙන්.. 50ක් නිරෝධායනයට..

Shiran Viraj

මළගෙදර බඹර ප්‍රහාරයක්‌ නිසා සිරුර බාගෙට වළදමා පිරිස හිස්‌ ලූ ලූ දුවති

Shiran Viraj