31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

සාමාන්‍ය පෙල විභාග මධ්‍යස්ථාන ගංවතුරට යටවෙයි…

ඊයේ දිනයේ දී සහ අද උදෑසන පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලුණු වර්ෂාව නිසා පුත්තලම සහිරා විද්‍යාල සහ ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය යන විද්‍යාලවල ස්ථාපිත කර ඇති සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන වලට ක්ෂණික ගංවතුර තත්වයක් ඇතිවිය.

මෙම තත්වය විභාග පැවැත්වීම සදහා බාධාකාරී තත්වයක් ඇතිවිය විය හැකි බැවින් ශ්‍රී ලංකා යුධ හමුදා 143 වන බල සේනාවෙහි සහ නාවික හමුදාවෙහි සහය ඇතිව විභාග දෙපාර්තමේන්තුව එක්ව එම විද්‍යාලවල ගංවතර අවදානම් විභාග මධ්‍යස්ථාන ආරක්ෂිත වෙනත් පාසැල් ගොඩනැගිලි වෙත ක්ෂණිකව මාරු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කටයුතු කරන ලදී.

මෙම ක්ෂණික සම්බන්ධීකරණ ක්‍රියාවලිය නිසා මෙම විද්‍යාල දෙකෙහි අද දින විභාගය කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට හැකි විය.

– DMC

Related posts

ලොවක් නැරඹූ සුපිරි නළු ශාරුක් මහමගදී කළ අමුතු වැඩේ

Shiran Viraj

ආයුද පෙන්වන්න ගිය අපරාධකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට…

Shiran Viraj

දිනකට ඩොලර් ලක්‍ෂ 30ක් ඉතිරියි.. විද්‍යුත් ත‍්‍රීවීල් පාරට…

Shiran Viraj
Translate »