mediahumanrights.lk
Business Business News News

සතියකට බඩු ගන්නවත් ඩොලර් නෑ… බොහො දෙනෙක් දිලින්දන් වේවි..- මහ බැංකු අධිපති

අද වන විට මෙරට සතු විදේශ සංචිත ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට පැමිණ ඇති බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

දැනට ඇති විදේශ සංචිත ප‍්‍රමාණයෙන් සතියකට අවශ්‍ය ආනයනය සදහාවත් ප්‍රමාණවත් නැති බව ද හෙතෙම පැවසීය.

ලබන වසරේ දී රටේ ආර්ථිකය නියමිත මාර්ගයට ගැනීමට හැකි වනු ඇති වුවත් හොඳ තත්ත්වයකට පත් කර ගැනීමට නොහැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයක් සිදු කරමිනි.

මෙරට පවතින අයහපත් ආර්ථික තත්වය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙකුට රැකියා අහිමි විය හැකි බවත් ඔවුන් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටෙනු ඇති බවත් හෙතෙම එහිදී තවදුරටත් පැවසීය.

Related posts

සමන්තභද්‍රට එරෙහිව පියවර නොගත්තොත් විහාර වටලනවා- සමාජජාලයෙන් රතු එළියක්!

Shiran Viraj

අද සවස හතරේ සිට ප්‍රමුඛතා මන්තීරුවේ අලුත් අදියරක්

Shiran Viraj

පාසැල් තව දුරටත් වසා දැමේ.. ඉන්ධන නෑ…

Shiran Viraj