mediahumanrights.lk
Local NewsNews

ලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන බව කියන නව අයවැය යෝජනාවලිය මගින් මෙරට සම්පත් විකුණා දැමීමට සූදානම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එම සම්පත් විකිණීම හරහා මෙරටට ඉන්ධන ලබා ගැනීමේ උත්සාහයක රජය නිරතවන බවද හෙතෙම පැවසීය.

මේ වන විටත් ලංකා බැංකුව සහ මහජන බැංකුවේ කොටස් විකුණා ඩොලර් උපයා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

Related posts

බන්ධනාගාරයේ විරෝධතා.. දුමින්දට සේ නිදහස ඉල්ලයි..

Shiran Viraj

මංතීරු නීතිය පරීක්ෂා කරන්න ගුවන් හමුදාවේත් සහය – කඩ කරන්නන්ට අද සිට නීතිමය පියවර

Shiran Viraj

පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක වෙයි

Shiran Viraj
Translate »