28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

අධිවේගී ජල ක්‍රීඩා බෝට්ටු හිරකර ඉන්ධන පිරවුම්හලේ විරෝධතා….

අලුත්ගම බෙන්තොට බල ප්‍රදේශයෙන් හී දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් බෙන්තොට ගං තීරයට සමීපව බෝට්ටු සේවාආයතන පවත්වාගෙන යන ආයතන 20ක කාර්ය මණ්ඩලය ඇතුල පවුල්වල පිරිසක් (29)අලුත්ගම සමුපකාර ඉන්ධනහලෙන් ඉන්ධන නිකුත් කරන්නැයි විරෝධතාවයක නිරත විය.

රථ වාහන වල ඉන්ධන ටැංකි වලට පමණක් ඉන්ධන නිකුත් කිරීමට වගකිවයුතු අංශ ගෙන ඇති තීරණය හේතුවෙන් තමන්ගේ රැකියා කිරීමට අවශ්‍ය ඉන්ධන බෝට්ටු වලට නිකුත් කරන්නැයි ඉල්ලමින් විශාල පිරිසක් අලුත්ගම සමුපකාර ඉන්ධන හල අසල සිට විරෝධය පළ කර අතර ජල ක්‍රීඩා සඳහා භාවිතා කරන අධිවේගී බෝට්ටු ,බෝට්ටු එන්ජින් ඇතුළු උපකරණ ඉන්ධන හලේ රඳවා තබා මෙම පිරිස පැය කීපයක් විරෝධතාවේ නිරත විය.

ඒ හේතුවෙන් යතුරු පැදි, ත්‍රීරෝද රථ වෑන් හා කාර් රථ වලටත් පැය කිහිපයක් මුළුල්ලේඉන්ධන නිකුත් කිරීමට එම පිරිස ඉඩ නොදුන් බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ. අලුත්ගම සිපෙට්කෝ ඉන්ධන හලට පොලිස් සහ යුධ හමුදා ආරක්ෂාව යොදවා තිබූ අයුරුද දැකගත හැකි විය.

බෝට්ටු සේවා කරුවන් සඳහන් කළේ කෙසේ හෝ ඉන්ධන ලබා ගෙන මිසක් මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.

ආරක්ෂක අංශ සඳහන් කළේ උසස් නිලධාරීන්ගෙන් යම් උපදෙසක්ලැබුණු පසුදෙපාර්ශවය අතර සාකච්ඡා කර තීරණය කට එලබෙන බවයි.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

Related posts

ගෝටාභය ජනපති වුණේ අනාගත දරු පරපුරේ වාසනාවටයි..

Shiran Viraj

වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.

Shiran Viraj

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 15303ක් දක්වා ඉහළට

Shiran Viraj