mediahumanrights.lk
NewsPolitical

මහින්ද ඉවත් කලොත් ගෝටාභයත් ඉවත් කරනවා..- පොහොට්ටු පුංචි මන්ත‍්‍රීන් අරලිය මැදුරේදී…

69 ලක්ෂයක ජන වරමට මූලික පදනම දැමූ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීම ජනවරමට අනුව සිදුකළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන නියෝජිත පිරිස් විසින් පෙන්වා දී ඇත.

අද අරලියගහ මන්දිරයේ දී පැවති අග්‍රාමාත්‍යවරයා සමග වූ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.

යමිකිසි ලෙසකින් අග්‍රාමාත්‍යවරයා එසේ ඉවත් කිරීමක් සිදු වුවොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද එම ඉරණම අත්වීම වැළැක්විය නොහැකි බවද ඔවුන් පෙන්වා දී ඇත.

එහිදී ඔවුන් ඒකමතිකව යෝජනාවක් සම්මත කරගෙන ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් නොවිය යුතු බවත් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළ යුතු බවටත්ය.

ජනාධිපතිවරයා බලයට පැමිණියේද මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම මතින් නිසා කිසිදු ආකාරයක ඡන්ද පදනමක් නැති පුද්ගලයන් සමග අන්තර්වාර ආණ්ඩුව නිර්මාණය කිරීමට කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතු බවද ඔවුන් මෙහිදී පෙන්වා දී තිබේ.

Related posts

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කැදවනවා..- ජනාධිපති

Shiran Viraj

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න…

Shiran Viraj

ජපානයට ඇමරිකාවෙන් ආසියාවේ විශාලතම බදු සහනයක් – නව වෙළඳ ගිවිසුමකට ට්‍රම්ප් අත්සන් කරයි

Shiran Viraj
Translate »