2026-09-07
mediahumanrights.lk
International NewsNews

කන්න නෑ කියා පැන්න ශ‍්‍රී ලංකික සරණාගතයන් 19ක් ඉන්දියාවේදී අල්ලාගනී..

මන්නාරම මුහුදු සීමාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු සීමාවට ඇතුලු වූ ශ්‍රීලාංකිකයින 19 දෙනෙකු ඊයේ (10) දිනයේදීද ඉන්දීය නාවික හමුදාව විසින් රැඳවුම් භාරයට ගෙන ඇති බවට වාර්ථා වෙයි.

යාපනය සහ මන්නාරම් ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් 10 දෙනෙකු සහ ත්‍රීකුණා මළය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 09 දෙදෙනකු යාත්‍රා දෙකකින් පැමිණ ඇති අතරම එම පිරිස් අතර කුඩා දරුවන් තිදෙනෙකුද සිටින බවත් එම පිරිස් මේ වන විට මණ්ඩපම් සරණාගත කඳවුරේ නවතා ඇති බවටද ඉන්දීය නාවික හමුදාව මගින් පෙන්වා දෙයි.

මේ අතර පසුගිය 08 වනදාද ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු තීරයට තලෙයිමන්නාරමේ සිට අනවසරයෙන් ගිය පවුලකට අයත් පුද්ගලයින් 04 දෙදෙනකු තමිල්නාඩු නාවික හමුදාව විසින් රැඳවුම් භාරයට ගෙන තිබුණි.

මීට පෙර මාර්තු මාසයේදීද පුද්ගලයින් 16 දෙනෙකු යන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු තීරයේදී ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් විසින් රැඳවුම් භාරයට ගනු ලැබීය.

ඉන්දියාවට ගිය සියලු ශ්‍රීලාංකිකයින් ඉන්දීය බලධාරීන්ට පවසා ඇත්තේ තමන්ට ලංකාවේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවීම මත මෙලෙස ඉන්දියාවට පැමිණි බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..

Shiran Viraj

බැංකු කැළඹෙයි.. බැංකු සංගමයෙන් දැඩි අනතුරු ඇගවීමක්..

Shiran Viraj

ඛනිජ තෙල් වෘත්තීය සමිති වෙතින් රතු එළියක්

Shiran Viraj
Translate »