mediahumanrights.lk
Local NewsNews

ජනාධිපතිට ඉල්ලා අස්වන්නැයි යෝජනාවක්..- කතානායක

මෙරට ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය විසඳා ගැනීම සඳහා දේශපාලන පක්ෂ නායකයන්ගෙන් විසඳුම් දෙකක් යෝජනා වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති විශේෂ පක්ෂනායක රැස්වීමේදී හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

ජනාධිපති වරයා ඉල්ලා අස්වී පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම එම යෝජනා දෙක බවද හෙතෙම පැවසීය.

නමුත් මෙම යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැති බවද කතා නායකයා එහිදී සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇතත් එසේ සිදු කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැති නිසා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර කරගැනීමකින් එය හැකි බවද හෙතෙම සඳහන් කර ඇත.

කෙසේවෙතත් පක්ෂ නායක හමුවේදී ඇතැම් පක්ෂ නායකයන් හදිසි මැතිවරණයකට යාමට අකමැත්ත පළ කර තිබේ.

Related posts

නිරිත දිග මෝසම සක‍්‍රීය වීම නිසා ප‍්‍රදේශ රැසකට වැසි

Shiran Viraj

කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 377 ක ඉලක්කයක්

Shiran Viraj

අඛණ්ඩව විදුලි සැපයුමට ඕනෑම මොහොතක හමුදාව සූදානම්

Shiran Viraj
Translate »