2026-09-05
mediahumanrights.lk
Local NewsNews

ගෝල්ෆේස් විරෝධතාවට මා ගියොත් එලවා දමාවි..- හර්ෂ

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් තම සමාජ ජාලා ගිණුමේ පළකර ඇති සටහනක් මෙහි දැක්වෙයි.

රස්සාවක් ගන්න දේශපාලකයින් පස්සෙ ගියපු රටක ඔබ සුබ සිහිනයක්. ඔබයි මේ රට හදන්නේ. අරගලයට ජයවේවා.

මම දේශපාලනඥයෙක් තමයි. මා වෘත්තිකයෙකු ලෙස ඉතාමත් සාර්ථක වීමෙන් පසුව දේශපාලනයට ආවේ රට ගැන හැඟීමෙන්. කවදා හෝ මේ රට නංවාලීමට මාගේ දායකත්වය ලබාදීම මගේ අරමුණයි.

මේ කතාව මම මුලින්ම කිව්වේ වර්තමානයේ අපේ තරුණ පරම්පරාව කරන අරගලයට වචනයකින් හෝ සහාය දීමට පෙර ‘උඹත් ඒ 225 එකෙක් නේද?’ කියල අහන නිසා. එහෙම ඇහුවත් කමක් නෑ. මම මගේ අදහස පළ කරන්නම්. පක්ෂ පාට බේදයකින් තොරව මෙම අරගලයට මම හදවතින්ම සහාය දෙනවා. ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

නමුත්, එයට කිසි ලෙසකින් හෝ දේශපාලන මුහුණුවරක් නොදිය යුතු නිසා, දේශපාලනයෙන් ලේබල් වැදුණු මා කිසිවිටෙක මෙම විරෝධතාවයන්ට එන්නෙ නෑ. ආවොත් තරුණයින් මාව එළවා දමන්නත් පුලුවන්. එවැනි හයියක් තරුණ පරපුරට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා.

රස්සාවක් ගන්න, උදලු තලයක් ගන්න, ටකරමක් ගන්න තමන්ගේ ආත්මයම පාවාදී දේශපාලකයින්ගේ පස්සෙ යන ජනතාවක් හිටපු රටක මේ වගේ කොන්ද පණ තියන තරුණ පරම්පරාවක් බිහිවීම පිළිබඳව මා සතුටු වෙනවා. ගැති නොවී විවෘතව නව්‍ය ලෙස සිතන, ආගම්, ජාති, කුල, මල බේද නොතකන, රට ගැන අවංකව ආදරයෙන් බලන, ඔබ රටට ශක්තියක්. මෙය සුබ සිහිනයක්.

දරුවෙනි, ඔබයි මේ රට හදන්නේ. ඔබේ අරගලයට ජයවේවා. මේ මගේ අදහස. මම දේශපාලනඥයෙක් නිසා ඕන නම් බනින්න. කමක් නෑ.

Related posts

අනිවාර්යෙන් විදුලි බිල වැඩි කල යුතුයි..- මහජන උපයෝගිතා කොමිසම දන්වයි..

Shiran Viraj

6 වසර පෙළ පොතක අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා සිය විවේචනය එල්ල කර තිබේ. 

Shiran Viraj

දිස්ත‍්‍රික්ක 19 ක 20දා සිට ඇඳිරියත් ඉවතට – ගුවන් තොටත් ඇරේ රජයේ ආයතනත් ටික ටික වැඩ

Shiran Viraj
Translate »