30.6 C
Colombo
2026-08-24
mediahumanrights.lk
NewsPolitical

ගොඩහේවා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

නාලක ගොඩහේවා මහතා සිය කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ගොඩහේවා මහතා පසුගිය 18 වැනිදා කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නද ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විසි වෙනිදා ජනාධිපතිවරයාට යොමු කර තිබූ බවද හෙතෙම පැවසීය.

දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සිදු වෙමින් යන නිසා අදාළ ඉල්ලා අස්විමේ ලිපිය මාධ්‍යවලට ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී තව දුරටත් පැවසීය.

තමන් ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල බව ගොඩහේවා මහතා පැවසීය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ලිපිය පිලි නොගත් නිසා තව දුරටත් ඇමති ධුරයෙ රැදී සිටින බවද ඔහු සදහන් කලේය.

Related posts

කොරෝනා නිසා ඉතාලියෙ මිය ගිය සංඛ්‍යාව 12428ක්

Shiran Viraj

මහ මැතිවරණයෙන් එජාපය දින්නත් රනිල්ට අගමැතිකම දෙන්නෑ..ජනපතිගේ ප‍්‍රකාශයෙන් එජාපය හාන්සියි..

Shiran Viraj

ඉන්ධන මිල වැඩි කිරීමට සිපෙට්කෝ දැනුම් දේ.. මිල ගණන් මෙන්න..

Shiran Viraj
Translate »