28.9 C
Colombo
2026-07-06
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉදිරි දිනවල ඩීීසල් ඉල්ලුම සපයන්න බෑ…- සිපෙට්කෝ සභාපති

ඉදිරි දින කිහිපය තුළ මෙරට ඉල්ලුමට සරිලන ආකාරයේ ඩීසල් සැපයුමක් ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

එහි සභාපති සුමිත් වීරසිංහ මහතා පෙන්වා දෙන්නේ එම තත්ත්වය මත ඉන්ධන පිරවුම් හල අසල පෝලිම් ගැසී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබෙන ඉන්ධන හේතුවෙන් අප්‍රේල් මාසය සඳහා අපහසුවකින් තොරව පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කළ හැකි බවත් හෙතෙම පැවසීය.

ලෝක වෙළඳපොලේ ඉන්ධන පවතින ඉහළ මිලට දිගටම අලෙවි වුවොත් මෙම වසරේ ඉදිරි කාලය සඳහා ඉන්ධන ආනයනයට පමණක් ඩොලර් බිලියන 5ක මුදලක් වැය වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර ඩොලර් හිගතාවය හේතුවෙන් මුදල් ගෙවීමට නොහැකි වීම මත ඩීසල් නෞකාවක් දින තුනක් තිස්සේ කොළඹ මුහුදු සීමාවෙන් නවතා තිබේ.

එම නෞකාවට අවශ්‍ය ඩොලර් ගෙවීම අද දිනයේ ද සිදු කිරීමද සහතික නැති බව තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කළේය.

Related posts

අලි සබ්රි රහිම්ට පාර්ලිමේන්තුව තහනම් කරයි..

Shiran Viraj

පාස්පෝට් එකේ වෙනසක්

Shiran Viraj

The Hundred තරගාවලිය: Oval Invincibles කණ්ඩායමට තීරණාත්මක ජයක්

Shiran Viraj
Translate »