mediahumanrights.lk
Local NewsNews

රූපවාහිනී හාන්සියි.. පඩි ගෙවන්න සල්ලි නෑ.. භාණ්ඩාගරයෙන් ඉල්ලයි…

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැටුප් සහ අනිකුත් අත්‍යවශ්‍ය වියදම් ඒවා ගැනීමට රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ.

ඉකුත් පෙබරවාරි මාසේ සිට ලබන ජූලි මාසය දක්වා වියදම් පියවා ගැනීමට එම මුදල ඉල්ලා තිබේ.

සංස්ථාවේ ආදායම පහත වැටීම නිසා වැටුප් ගෙවීම හා වෙනත් වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නැති බවද සංස්ථාව මහා භාණ්ඩාගාරයට දැනුම් දී ඇත.

දැනට එහි ආදායම් සහ වියදම් අතර පරතරය රුපියල් කෝටි හය හමාරක් පමණ වෙයි.

සංස්ථවේ සේවක සංඛ්‍යාව නවසියයකට ආසන්න වන අතර ඔවුන්ගේ වැටුප් ගෙවීමට පමණක් මාසයකට රුපියල් කෝටි නවයක පමණක් මුදලක් වැය වෙයි.

Related posts

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එන්තරවාසිය පිළිබඳව උවිදු කුරුකුළසූරියගෙන් විවේචනාත්මක අදහස්

Shiran Viraj

කෑන්වලට ඉන්ධන දෙන පිරවුම්හල් ලයිස්තුව මෙන්න…

Shiran Viraj

හමුදාව සූදානම් කරන්නැයි ජනපති ෆොන්සේකාගෙන් ඉල්ලයි

Shiran Viraj
Translate »