mediahumanrights.lk
News Political

මන්ත‍්‍රීන් රැසක් ආණ්ඩුවෙන් ඉවතට..? 113 සරල බහුතරය අවදානමේ…?

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබා දීමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඔවුන් ආණ්ඩු පක්ෂයට සහාය ලබා දීමෙන් ඉවත් වුවද විපක්ෂයට එක් නොවී තවදුරටත් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇතැයි ද සඳහන්ය.

මෙම පිරිස ඉවත් වීමත් සමග බොහෝ දුරට ආණ්ඩුවේ සරල බහුතරයද අභියෝගයකට ලක් විය හැකි අතර එය න්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකු මත පමණක් තීරණය වනු ඇති බවද සඳහන් වෙයි.

රට තුළ ඇති වී තිබෙන ඉන්ධන ගෑස් විදුලි අර්බුදය මත තම ආසන වලට යාගත නොහැකි මහජන නියෝජිතයන් තම ඡන්දදායකයන්ගේ විරෝධය හා බලපෑම් හේතුවෙන් මෙම තරණය ගැනීමට බල කෙරී ඇත.

දැනටමත් කාලයක් තිස්සේම බොහෝ මන්ත්‍රීන් තම ආසන වලට නොයා කොළඹ නිල නිවාස වල නැවතී සිටී.

Related posts

‘දැන් භයානකයි.. ලංකාවම බිය විය යුතුයි..’ වසංගතයෙන් ගොඩ එන එකම පාර වසංගත විශේෂඥවන් දෙදෙනෙකු හෙලි කරයි..

Shiran Viraj

බෞද්ධ උරුමයන් සම්බන්ධයෙන් අස්ගිරි විහාර පාර්ශවයෙන් ප්‍රකාශයක්

Shiran Viraj

තව දුරටත් යහපාලනයක් බලාපොරොත්තු වෙන්න බෑ

Shiran Viraj