2026-09-07
mediahumanrights.lk
Local NewsNews

ශ‍්‍රී ලංකාව කෑම ගන්න ඉන්දියාවෙන් ණයක්.. ගිවිසුම් අත්සන් කරන්න බැසිල් ඉන්දියාවට…

ඉන්දියාවෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා පැවසීය.

ඒ අනුව ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබා ගැනීමේ ගිවිසුමකට එහිදී අත්සන් තැබීමට නියමිත බවත් හෙතෙම පවසයි.

මෙරට ජනතාවට අවශ්‍ය ආහාර, අහාර හා අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය ලබා ගැනීම සඳහා එම මුදල හිමිවන බවද ඇමතිවරයා පැවසීය.

මුදල් අමාත්‍යවරයා පසුගියදා සිදු කළ ඉන්දියාවේ ඉන්දියානු සංචාරය අතිශය සාර්ථක බවත් එහිතී ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක ණය පහසුකමක් ලබා ගැනීමට හැකි වූ බවත් මෙම බිලියනය එහි මුල් අදියර බවත් ඒ මහතා සදහන් කලේය.

Related posts

මාර්ග බාධකයක් අසළදී අණ නොතකා ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබයි

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂය ඊයේ රෑ රැස්වී ශ්‍රී ලනිප අගමැති ගැන කතා කරයි

Shiran Viraj

උතුරේ රැකියා විරහිත උපාධිධාරීන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

Shiran Viraj
Translate »