2026-07-08
mediahumanrights.lk
Local NewsNews

රටට කිසිදු ප්‍රතිලාභයක් නැතිව කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට… සීනි ඒකාධිකාරයත් ඔවුනටම…

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රටට කිසිදු ප්‍රතිලාභයක් නොවන ලෙස කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට පැවරීම

මුල් වසර 10ක් තුළ 85%ක ප්‍රතිලාභ විදේශීය සමාගමකට හිමිවන පරිදි 30ස් වසරක ගිවිසුමකට එළැඹීමට මේ ආණ්ඩුව සැරසෙයි. මේ ගිවිසුම තුළ කිසිදු වාසියක් රටට අත් පත් නොවේ. සීනි ඒකාධිකාරයක් නම් බිහිවනු ඇති.

මූලික ගැටළු කීපයක්,

1. කර්මාන්තශාලාව පමණක් නොව වගා බිම්ද සමාගමට පවරා දෙන බැවින් දේශීය උක් වහා කරුවා හට මෙයින් කිසිදු ප්‍රතිලාභයක් අත් නොවීම.
2. පැහැදිළි නියාමනයක් නොමැතිව පිරිපහදු නොකළ සීනි ගෙන්වා පිරිසිදු කිරීම සහ ප්‍රති අපනයනය කිරීම සඳහා ගිවිසුම් ගතවීමත් හේතුවෙන්, සමාගමේ ලාභය ඉදිරි වසර 30 දක්වාම සඟවා තම මවු සමාගම් වෙත යැවීමේ අවකාශ උදාකොට දී තිබේ. එහෙයින් රජයට ගිවිසුමේ සඳහන් සුළු ලාභ ප්‍රතිශතයද හිමිවේ යැයි බලා පොරොත්තු විය නොහැකිය.
3. සීනි නිෂ්පාදනය, ආනයනය සහ ප්‍රතිඅපනයනය සියල්ලම එක් සමාගමකට හිමිවනසේ මෙන්ම පැහැදිලි කොන්දේසි විරහිතව එළඹෙන මේ ගිවිසුම හරහා සීනි වෙළඳපලේ ඒකාධිකාරය එම විදෙස් සමාගමට හිමි වනු ඇත.

මෙලෙසම අතීතයේදීද පැවති රජයන් විසින් රටේ ප්‍රධානම වෙළඳ ක්ෂේත්‍රයන් විවිධ විදේශීය සමාගම් වෙත ඒකාධිකාරයක් බිහිවන ලෙස පවරාදීම් සිදු කොට තිබේ. ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි නිෂ්පාදනය විදේශීය සමාගම්වලට පවරා අද වනවිට ශ්‍රීලංකාවට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව ඒ වෙනුවට සැලකිය යුතු අලාභයක් වන තැනට පත්ව තිබීම එයින් එක් ප්‍රභල උදාහරණයකි. සීනි වෙළඳපලද අනාගතයේ එවන් තත්වයකට පත් කරනුයේ එදාමෙන්ම යම් පිරිසකගේ පුද්ගලික ප්‍රතිලාභයක් පිණිසම යැයි සිතිය හැක්කේ මේ ආයෝජනය තුළින් රටට හෝ රජයට ප්‍රතිලාභයක් හිමි කර ගැනීමට කිසිදු තැතක් නොගෙන, විදේශීය සමාගමට පමණක් ප්‍රතිලාභ අත්වන පරිදි කටයුතු යෙදීමෙනි.

මේ වගට,

කපිල රේණුක පෙරේරා
ප්‍රධාන ලේකම්
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

Related posts

"විවාහ වුනත් දරුවන් හදන්න කැමති නෑ" – ජෝන් සීනාගේ විවාහ යෝජනාවෙන් පස්සේ පෙම්වතිය මාධ්‍යයට කියපු දේ

Shiran Viraj

විදේශයන්හි සිට පැමිණෙන සියල්ලන් ගුවන් තොටේදීම කොරෝනා පරීක්‍ෂා කරන්නැයි ජනපති දන්වයි..

Shiran Viraj

ඇදිරි නීතිය නොතකා රට පුරා විරෝධතා…

Shiran Viraj
Translate »