27 C
Colombo
2026-10-23
mediahumanrights.lk
NewsSportsSports News

හිට් විකට් වී දැවී යන්නැයි ජාතික පිලේ ක‍්‍රිකට් ක‍්‍රීඩයෙකුට මැණික් ව්‍යාපාරිකයෙක් කියලා.. ලොකු මුදලකට..

පසුගිය එල්.පී.එල්. තරඟාවලියේ දී තරඟ පාවා දීමේ සිද්ධියක් සමබන්ධ තොරතුරු අනාවරණය වී තිබෙන බව ක්‍රීඩා වැරදි විමර්ෂනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජගත් ෆෝන්සේකා මහතා පවසයි.

දැනට ශ්‍රී ලංකා පිල නියෝජනය කරනු ලබන ප්‍රබල තරුණ පිතිකරුවෙකු හට මෙලෙස තරඟ පාවා දීම සඳහා යෝජනාවක් සිදුකර තිබේ. ක්‍රීඩා වැරදි විමර්ෂනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජගත් ෆෝන්සේකා මහතා පවසන්නේ අදාළ තරුණ ක්‍රීකඩයාට ‘හිට් විකට්‘ වීමකින් දැවී යන ලෙස යෝජනා කර ඇති බවත් ඒ සඳහා විශාල මුදලක් ලබා දීමට හැකි බවට අදාළ පාර්ශවය විසින් දන්වා ඇති බවත්ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙරට සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු සහ ඔහුගේ මිතුරෙකු විසින් එම තරඟ පාවාදීමේ යෝජනාව අදාළ ක්‍රීඩකයාට සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් එම ක්‍රීඩකයා විසින්ම අදාළ සිදුවීම ක්‍රීඩා වැරදි විමර්ෂනය කිරීමේ ඒකකය වෙත දැනුම් දී තිබේ.

“ඒ ක්‍රීඩකයා තමයි අපිට මේ බව දැනුම් දුන්නේ. ඇත්තවශයෙන්ම ඔහු හොඳ ආදර්ශමත් ක්‍රීඩකයෙක්“, යැයි ජගත් ෆෝන්සේකා මහතා මෙහිදී පැවසීය.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂනයක් ආරම්භ කර සම්පූර්ණ වාර්තාවක් නීතිපතිවරයා වෙත යොමුකිරීමට ක්‍රීඩා වැරදි විමර්ෂනය කිරීමේ ඒකකය මේ වන විට පියවර ගෙන ඇත.

– adaderana

Related posts

තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…

Shiran Viraj

සාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට 'මෙන්න සුබ ආරංචියක්'- හිමිවන වරප්‍රසාදය මෙන්න

Shiran Viraj

ක‍්‍රිප්ටොකරන්සි යෝජනාවට කැබිනට් අනුමැතිය.. නීති හදන්න කමිටුවක් පත් කරයි..

Shiran Viraj
Translate »