28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

මෛත‍්‍රීගේ යාපන රැළියට ජන ගගක්.. අලුත් ගමනක් ඇරඹූ බව කියයි..

උතුරේ ධීවරයින්ට සිදුව ඇති අසාධාරනය පිළිබඳව රජය විසින් කඩිනමින් ඉන්දියාව සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දිය යුතු බවට හිටපු ජනාධිපති ශ්‍රීලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයේදී පවසා සිටියේය.

ශ්‍රීලංකා නිදහස්පක්ෂ වන්නි සමලුව වව්නියාවේදී පැවත්වීමෙන් අනතුරුව (20) යාපනය වඩමාරච්චි, කරවෙඩ්ඩි නෙල්ලිඅඩි ක්‍රීඩාංගනයේදී පැවති යාපනය දිස්ත්‍රීක් සමලුවට සහභාගී වී ජනතාව ඇමතූ අවස්ථාවේදී මේ බව පවසා සිටියේය.

පළමුව යාපනය නාග විහාරයට ගොස් ආගමික වතාවත් සිදුකොට නාගවිහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල හිමයන්ගෙන් ආශිර්වාද ලබා අනතුරුව යාපනය නල්ලූර් කෝවිලට ගොස් හින්දු ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව යාපනය රදගුරු නිවසේදී රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමාද හමු වී ආශිර්වාද ගෙන විශාල ජනතාවක් රැස්ව සිටි නෙල්ලිඅඩි ක්‍රීඩාංගනයේ ජනරැලියට සහභාගී විය.

යාපනය දිස්ත්‍රීක්කයේ පසුගිය මැතිවරනයේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයට එකම මන්ත්‍රී ආසනයක් දිනා දුන් වඩමාරච්චි කරවෙඩ්ඩි ප්‍රදේශවාසීන්ට පළමුව ප්‍රණාමය පුදකර සිටි හිටපු ජනාධිපති ජනතාව ඇමතීය.

එහිදී හිටපු ජනාධිපති වරයා වැඩිදුරටත් පවසා සිටියේ,

‘පළමුවෙන්ම උතුරේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග අලුත් ගමනකට යාමට එකට එක්වන්නැයි කියලා. උතුරේ ජනතාව මට 95 % ක් මට ඡන්දය ලබා දුන්නා හංසයා ලකුණට. මගේ ජයග්‍රහනය 2015 දී මේ රටේ සියලුම දේශපාලන පක්ෂවල නායකයින්ගේ ඇස් ඇරුනා.ඊට පසුව තමයි හැම දේශපාලන නායකයෙකුටම හිතුනේ උතුරු නැගෙනහිර ජනතාවටත් දකුණෙ ජනතාවට වගේම සංවර්ධනයක් ඕන කියලා.

‘හොරකම නැති දූෂණය නැති දේශපාලඥයින් සිටින පක්ෂයක් විදිහට අපි මේ පක්ෂය ජනතාවාදීව ඉදිරියට ගෙනයනවා. හොඳ ගමනක් යන්න අපි මේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය මේ රටේ තරුණ පරපුරට භාර දෙනවා.

‘රටේ කෘෂිකර්මාන්තය ලොකු අර්බුදයක් තියනවා. ගොවි ජනතාවට වැඩකරන්න පොහොර ටික නැහැ. අපි ඉතාම කනගාටු වෙනවා ඒ තත්වය ඇති වී තිබීම ගැන. මගේ පාලන කාලය තුල ජනාධිපතිවරයා වශයෙන් අද තියෙන ප්‍රශ්න කිසි දෙයක් එදා තිබුනේ නැහැ. රටේ ජනතාව හොඳින් ජීවත් වුනා. බඩුමිලත් පහල මට්ටමක තිබුණා. ඒ වගේම අපි ජාත්‍යන්තර වශයෙන් හොඳ සබඳතා ඇතිකරගෙන තිබුනා. මුලු ලෝකෙම සියලුම රාජ්‍ය නායකයින් මම මිත්‍ර කරගෙන සිටියා. ඒ නිසා මේ රට කරගෙන යන්න එදා මට ලෝකයේ සියලුම නායකයින් සහය දුන්නා.

දැන් බලන්න අද උතුරේ විශේෂයෙන්ම ධීවර ජනතාවට වෙලා තියන කරදරය. මේ ගැටලු විසඳන්න රජය විශේෂයෙන්ම මැදිහත් වෙලා වහාම ඒ ප්‍රශ්න විසඳන්න ඕන. ඉන්දීය රජය සමග සාකච්ඡා කරල මේ උතුරේ ධීවර ජනතාවට වන කරදර නැවත්වීමට කඩිනම් පියවර ගන්න ඕන. ඒක රජයේ වගකීමක්.

මෙම අවස්ථාවන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරි නිතිය පැනවේ

Shiran Viraj

පිළිමතලාවේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් මරුට

Shiran Viraj

කසල කන්ද බිලිගත් 14 කගේ අවසන් කටයුතු අද

Shiran Viraj