28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

ප‍්‍රසිද්ධියේ සමාව ගන්න සූදානම් බව රන්ජන් කියයි… ඕස්ට්‍රේලියාවේ පදිංචියටත් සූදානමින්…

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිට නම් රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව යටතේ නිදහස් නොවීම ගැන බරපතළ කනස්සල්ලකින් සිටින බව වාර්තා වෙයි.

මෙවර නිදහස් දිනයේ දීද ඔහුට නිදහස හිමි නොවීම සම්බන්ධයෙන් ඔහු යම් තරමකට කේන්තියකින් සිටිනා බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

තමන්ගේ කට ගැන ලැජ්ජා වන බවත් සිදුකළ ප්‍රකාශ ප්‍රසිද්ධියේ කනගාටුව ප්‍රකාශ කර සමාව ගැනීමටවත් සූදානම් බවත් ආසන්න දිනවල ඔහුගේ සුදු බැලීමට යන අය සමග පවසන බවද දැනගන්නට තිබේ.

මේ අතර වාර්තා වන්නේ රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් ලද පසු නැවත දේශපාලනයෙන් නොකරන්නට තීරණය කර ඇති බවයි.

ඔහු ඕස්ට්‍රේලියාවේ දීර්ඝ කාලයක් පදිංචිය සඳහා යාමට සූදානම් වී සිටින් බවද සදහන්ය.

Related posts

කුසල්ට ඇමරිකා වීසා තවම නෑ.. ප‍්‍රබලම පිතිකරු නැතිව කණ්ඩායම අසීරුවේ..

Shiran Viraj

ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..

Shiran Viraj

'අයියා'ගේ දයාබර වදන් හමුවේ තම සිත පාලනය කර ගැනීමට නොහැකි වූ ගැහැණියකට අත්වුණු අවාසනාවන්ත ඉරණම

Shiran Viraj