mediahumanrights.lk
Local News News

ඩොලර් නැතිව රජයේ මුද‍්‍රණාලයට කඩදාසි නෑ..

රජයේ පොත් පත් ඇතුළු මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ආනයනය කරන ලද මුද්‍රණ කඩදාසි අඩංගු කන්ටේනර් අටක් ඩොලර් නොමැතිකම හේතුවෙන් කොළඹ වරායේ කාලයක් තිස්සේ රඳවා ගෙන තිබේ.

මේ හේතුවෙන් රජයේ මුද්‍රණ කටයුතුවලට විශාල බාධාවක් සිදුව ඇත.

දැනට එම දෙපාර්තමේන්තුවේ ඇත්තේ මාස හයකට පමණ ප්‍රමාණවත් මුද්‍රණ කඩදාසි පමණක් බව එහි නිලධාරීහු පවසති.

රජයේ මුද්‍රණාණාලාධිපතිනිය සඳහන් කරන්නේ මේ පිළිබඳව මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර ඇතත් ප්‍රශ්නයට විසඳුමක් මෙතෙක් නොලැබුණු බවයි.

ඉදිරියේදී මුද්‍රණ කඩදාසි ලැබුණහොත් මුද්‍රණ කටයුතුවලට විශාල ගැටළුවක් මතු ඇතැයිද ඇය කියා සිටියාය.

එනිසා කඩදාසි අරපරෙස්සමින් පාවිච්චි කරන ලෙස ආයතනයේ සේවකයන්ට උපදෙස් දී තිබේ.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජලයෙන් යට වී ඇති ස්ථාන පිළිබඳව දැනුම් දෙයි

Shiran Viraj

ජනාධිපති ගමට නොගොස් ගැමියන් කොළඹ කැඳවනවානම් කැලෑ ටික බේරාගත හැකියයි ජනතාව කියනවා.. රටේ ප‍්‍රශ්න විසදන්න අවශ්‍ය කොළඹ සිට විවේක බුද්ධියෙන් කල්පනා කිරීම පමණයි..

Shiran Viraj

රජයේ සේවක පඩි ගෙවන්න වසරකට බිලියන 1200ක්… සෙසු සියල්ලටම ඉතිරි බිලියන 200යි..

Shiran Viraj