32.8 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

අනිවාර්යෙන් විදුලි බිල වැඩි කල යුතුයි..- මහජන උපයෝගිතා කොමිසම දන්වයි..

අනිවාර්යෙන්ම මෙරට විදුලි ගාස්තු ඉහල නැංවිය යුතු බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ මේ වන විට විදුලි පිරිවැය ඉහළ ගොස් ඇති නිසා සහ විදුලි බල මණ්ඩලය දීර්ඝකාලීන පාඩු ලබමින් සිටි නිසා මෙසේ විදුලිබිල ඉහළ නැංවීමකට යායුතු බවයි.

දැනට විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක නොවුන ද ජනතාව හැකිතාක් විදුලි උපකරණ භාවිතය අඩු කරමින් විදුලි කප්පාදුවක් නොකර සිටීමට සහාය දක්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

නමුත් මෙම ඉල්ලීමට ජනතාව එතරම් යහපත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැති බවද හෙතෙම කියා සිටියේය.

Related posts

තැපැල් ඡන්ද පත‍්‍රිකා සීල් තබයි..

Shiran Viraj

ඇමරිකාවත් ටික් ටොක් තහනම් කිරීමට යයි

Shiran Viraj

මං ගැන බොරු කියන්න එපා

Shiran Viraj
Translate »