30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

අධි වේගයෙන් ගිය මෝටර් රථය උඩුකුරුව කුඹුර දිගේ යයි..

යාපනය අල්ලෙයිපිඩ්ඩි ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ කාර් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට කයිට්ස් පොලීසිය පවසයි.

කාර් රථය යාපනය සිට අල්ලෙයිපිඩ්ඩි දක්වා ධාවනය වී ඇති අතර එහිදී අධික වේගයෙන් ධාවනය වූ කාර් රථය රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල වෙල්යායකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි අනාවරන වී ඇත.

අනතුරින් එහි ගමන්ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා කයිට්ස් මූලික රෝහල වෙතට ඇතුලත් කොට ඇති අතර තුවාල ලැබූවන් යාපනයේ පදිංචිකරුවන් බවටද වැඩිදුර පරික්ෂණ සිදුකරන කයිට්ස් පොලීසිය පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

සිසේරියන් සැත්කම් 33,000ක් ගැන සොයන්න තීරණය කරයි

Shiran Viraj

නීතිවිරෝධී දැල් යොදාගෙන ධීවර කටයුතු වල නිරත වූ 3ක් අල්ලයි

Shiran Viraj

හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කෙරේ

Shiran Viraj
Translate »