2026-09-07
mediahumanrights.lk
Local NewsNews

වායු සමීකරණ, විදුලි පංකා නිවා දමන්නැයි ජනතාවට දන්වයි..

රට පුරා විදුලි කප්පාදුවක් සඳහා අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් අද ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ විදුලි බලාගාර වල තත්වය පරීක්ෂාවෙන් අනතුරුව මෙම තීන්දුව ගන්නා බවයි.

දිගු කාලයක සිට විදුලි බලාගාර ඉදි නොවීමෙන් දිගුකාලීන විදුලි අර්බුදයක් උද්ගතව ඇති බවද පැවසූ ඔහු එවැනි තත්වයක් ඇති වන බව තම කොමිසම ද අනතුරු ඇඟවූයේ 2016 වසරේ සිට බවද සඳහන් කළේය.

මෙම අර්බුදකාරී තත්වය හේතුවෙන් ජනතාව අනවශ්‍ය වායු සමීකරණ යන්ත්‍ර විදුලි පංකා ආදී නිවා දමා හැකි තරම් විදුලිය ඉතුරු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

Related posts

අද ඉතිහාසයේ අදුරුම දවසක්.. අපට දැන් කරන්නම දෙයක් නෑ.. ඉදිරිය හොදටම අමාරුයි..

Shiran Viraj

මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…

Shiran Viraj

බංකොලොත් ලේබලය අපේ ආණ්ඩුවෙන් ඉවත් කලා..- මාලිමා මන්ත‍්‍රී

Shiran Viraj
Translate »